April 19, 2024

ලෝකයේ ලොකුම බිලියනපතියාගෙන් ෆේස්බුක් වෙත දැවැන්ත අභියෝගයක් - වචන දෙකකින් සියල්ල කණපිට හැරෙයි

පසුගියදා ලෝක බිලියනපති ලැයිස්තුවේ ප්‍රමුඛයා වන්නට Tesla (ටෙස්ලා) සහ Space - X (ස්පේස් - එක්ස්) සමාගමවල නිර්මාතෘවරයා වන එලෝන් මස්ක් සමත් විය.

ඒ එතෙක් ලෝකයේ දැවැන්තම බිලියනපතියා වූ ඇමේසන් ව්‍යාපාරයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් පසුකර යමිනි. 

ඔහු ලෝකය තුළ වඩාත් කැපී පෙනෙන චරිතයක් බවටද පත්ව තිබේ.

එලෝන් මස්ක් තරුණ පරපුර අතර අතිශයෙන්ම ජනප්‍රිය චරිතයක් වන බවට ඔහු විසින් නැවත වරක් තහවුරු කරන ලද්දේ ඔහු විසින් ෆේ්ස්බුක් සමාගම වෙත එල්ල කරන ලද නවතම අභියෝගයත් සමඟයි.

මේ වන විට වට්ස්ඇප් (Whatsapp) සේවාව විසින් ඔවුන්ගේ නවතම රහස්‍යතා ප්‍රතිපත්ති (Privacy Policy) යටතේ එම සේවාව භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්තයන් බොහෝමයක් එකතු කරගන්නා බව පවසා තිබේ.

මේ මෙම නවතම රහස්‍යතා ප්‍රතිපත්තිවලට එකඟ නොවෙන්නන්ව එම සේවාවෙන් ඉවත් කරන බවද වට්ස්ඇප් සේවාව අයත් මව් සමාගම වන ෆේස්බුක් ආයතනය දැනුම් දී තිබේ.

බොහෝ දෙනෙක් මෙයට විරුද්ධ වීමත් සමඟ එලෝන් විසින් ට්විටර් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

එලෝන් මස්ක් විසින් ඔහුගේ ට්විටර් ගිනුමේ "Use Signal" (සිග්නල් භාවිත කරන්න) යනුවෙන් සටහන් කර තිබීමත් සමඟ වට්ස්ඇප් සේවාවේ හිටපු සහය නිර්මාතෘවරයෙකු වන බ්‍රයන් ඇක්ටන් සහ මොක්සි මාර්ලින්ස්පයික් විසින් එක්ව නිර්මාණය කරන ලද වට්ස්ඇප් සේවාවට අතිශයෙන් සමාන වූ පණිවිඩ හවුමාරු සේවාවක් වන 'Signal (සිග්නල්)' මෘදුකාංගය අලුතින් එකතු වූ පිරිස වැඩි වී තිබේ.

මෙම පණිවිඩ සේවාව තුළ හුවමාරු වන කිසිදු පණිවිඩයක් හෝ කතාබහක් කිසිදු ආකාරය අතරමැදියෙකු හට සවන් දීමට හෝ බැලීමට නොහැකි බව එම මෘදුකාංගය නිර්මාණය කරන ලද Signal Foundation ආයතනය පෙන්වා දෙයි.

මේ වන විටත් අති විශාල පිරිසක් වට්ස්ඇප් වෙනුවට මෙම නව සිග්නල් මැසේන්ජර් සේවාව ලබාගනිමින් සිටින බව සඳහන් වෙයි.

එලෝන් විසින් මෙම කරන ලද ප්‍රකාශය ෆේස්බුක් සමාගමට දැවැන්ත අභියෝගයක් වනු ඇති බවට බොහෝ සමාජජාල භාවිත කරන්නන් පවසා තිබේ.

එලෝන් විසින් තබන ලද ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)