April 19, 2024

කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවූ යුක්‍රේනය හදිසියේම රට වසා දමයි Featured

යුක්‍රේනය ජනවාරි 24 වැනිදා දක්වා ලොක්ඩවුන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

මිලියන 41ක ජනතාවක් සිටින යුක්‍රේනය කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගැනීමට මෙම තීරණ ගෙන ඇති අතර ඒ අනුව එරට පාසල්, ආපනශාලා, සහ කායවර්ධන මධ්‍යස්ථානයන් ඇතුළු බොහෝ පොදු ස්ථානයන් වසා දැමීමට තීරණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ කොරෝනා වෛරස් ආසාදන සැප්තැම්බර් මාසයේදී යළිත් ඉහළ යාමට පටන් ගත් අතර එය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

ජනවාරි 8 වනදා වන විට රට තුළ කොරොන වෛරස් ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා වී ඇති අතර මරණ 19,588 ක් වාර්තා වී තිබේ.

යුක්රේනය වසංගතයේ උච්චතම අවස්ථාවේ මේ වන විට පසුවන අතර දෙසැම්බර් මස මුලදී ජනවාරි මාසයේ දී එරට ලොක්ඩවුන් කිරීම පිළිබඳව යුක්‍රේන රජය තීරණය කර තිබූ අතර නව රෝගීන් සංඛ්‍යාව දිනකට 12,000-14,000 ක් පමණ වාර්තා වී තිබුණී.

Rate this item
(0 votes)