April 24, 2024

"කිසිම දෙයකට අපිව නවත්තන්න බැහැ" කියා ඇමෙරිකා කොංග්‍රසයට පහර දෙන්න ගිය කාන්තාවට වෙඩි වැදුණු හැටි (සංවේදී වීඩියෝ සහිතයි)

ඇමෙරිකාවේ මේ වන විට ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ස්ථීර වශයෙන්ම පරාජයට පත්ව ඇති බවට වාර්තා වීමත් සහ ජෝ බයිඩන් හට එරට බලය ලැබීමත් සමඟයි.

එරට දේශපාලනික කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ලේ දී ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් වුණු බවට ප්‍රකාශ කිරීමත් සමඟ ට්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන්නට විය.

එහිදී ආරක්ෂක අංශයන් සහ ට්‍රම්ප් ආධාරකරුවන් අතර ගැටුම් හට ගත් අතර එහිදී එක් කාන්තාවක් මිය ගොස් තිබේ.

ඇමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු නිලධාරිනියක වන ඇෂ්ලි බබිට් නම් කාන්තාවක් මෙලෙස වෙඩි පහරකින් මිය ගොස් තිබේ.

ඇය මිය යාමට පෙර ට්විටර් සමාජජාලයේ පණිවිඩයක් තබා තිබුණු අතර එහිදී ඇය කියා තිබුණේ කිසිවෙකුට ඔවුන්ව නැවැත්විය නොහැකි බවයි.

එමෙන්ම එසේ නවත්වන්නට අවශ්‍ය කෙනෙකුට එයට උත්සාහ කළ හැකි බවද ඇය කියා තිබුණි.

නමුත් මෙම විරෝධතාවය කුණාටුවක් මෙන් බවද එය ඩි.සී නුවර වසා ගනු ඇති බවට පවසා සිටියේය.

අඳුරින් අලෝකයට යන බවද ඇය එහිදී පවසා සිටියේය.

ඇය වෙඩි පහරට ලක්වන ආකාරය තවත් විරෝධතාකරුවෙකුගේ කැමරාවක සටහන් ව තිබුණි.

එම සංවේදී විඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(3 votes)