April 25, 2024

මිනිසාගේ කෲරත්වය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවූ 'මරී' නම් ඇතින්නියගේ සංවේදී කතාව

මරි යනු ටෝන් 05කට ආසන්න දැවැන්ත ආසියානු ඇතින්නියකි. ඇයව බොහෝ පිරිසක් දන්නේ මීනිමරු මරි ලෙසයි. ඇය ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World (ස්පාර්ක් වර්ල්ඩ්) හි රඟ දක්වපු ඇතින්නියක් ද විය. නමුත් වර්ෂ 1916 දී ඇයව, ඇයගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරනු ලැබීය.

මේ එම සංවේදී සිදුවීමේ කතාවයි.

1916 සැප්තැම්බර් 12 වෙනිදා වොල්ටර් එල්ඩ්‍රිජ් නැතහොත් ඔහුව බොහෝ දෙනෙක් හැඳින් වූයේ ‘රෙඩ්’ නමිනි. ඔහුව එසේ හැඳින්වීමට හේතුව වුයේ ඔහුගේ කොණ්ඩය රතු පාට කැරලි ගැහුණු කොණ්ඩයක් වීම නිසාය. ඔහු ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමේ අලි ඇතුන් පුහුණු පුහුණුකරුවා විදිහට වැඩට ගත් පුද්ගලයාද විය.

මේ පුද්ගලයාට අලි ඇතුන් පාලනය ගැන කිසිදු ආකාරයක සමාන්‍ය දැනීමක්වත් තිබුණේ නැති නමුත් ඔහුට තිබුණු එකම සුදුසුකම් වුයේ ඇගපත හා හෙණ්ඩුව පාලනය කර ගැනීමට තිබූ හැකියාවයි.

මෙම පුද්ගලයාට සර්කස් එකේ වැඩ කිරීමට අවස්ථාව උදා වූයේ එක් දිනයක් පමණි.

ස්පාර්ක් වර්ල්ඩ් සර්කස් කණ්ඩායමේ අලි ඇතුන්ගේ අංගයේ සෑම අවස්ථාවකම මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ මරී විසිනි. වොල්ටර් එල්ඩ්‍රිජ් නම් තැනැත්තා මරී අතින් මිය යන්නේ ද මෙම අංගය ඉදිරිපත් කරන අවස්ථාවේදීය.

මේ මිනිමරුම සම්බන්ධව ඇසි දුටුවෙකු යැයි කියාගත් ඩබලිව්.එච්.කෝල්මාන් නම් පුද්ගලයා එම සිදුවීම මෙසේ විස්තර කර තිබුණි. 

එල්ඩ්‍රිජ් විසින් මරීගේ කණ පිටුපසට අල්ල කරපු පහරක් නිසා ඇය කෝප වුනු බවත් ඇය හොඩවැලෙන් ඔහුව උස්සා වතුර තබා තිබූ මේසය මතට විසි කර, පසුව ඔහු ළගට ගිය ඇය ඔහුගේ හිස පාගා පොඩි කර දැමූ බවත් එම පුද්ගලයා පවසා තිබුණි.

බියට පත් ප්‍රේක්ෂකයන් හිස් ලූලූ අත දිව ගිය අතර, එතන සිටි කම්මල්කරුවෙකු තමන් සතු ගිණි අවියෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරලා තිබුණි. ඒත් මේ දැවැන්ත ඇතින්නියට එයින් කිසිදු හානියක් සිදු නොවීය. පසුව ඇය සන්සුන් වූ නමුත් බියට පත් ප්‍රේක්ෂකයන් “Kill the elephant, kill the elephant!” ( අලියාව මරන්න) ලෙස කියමින් කෑ ගසමින් දුව ගිය බව සදහන් වෙයි.

මරීව ඝාතනය කිරීම සඳහා රැගෙන පැමිණ තිබූ ක්‍රේන් යන්ත්‍රය

සර්කස් කණ්ඩායමේ අයිතිකරු වුනු චාර්ලි ස්පාර්ක්ස් ඔහු අවාසනාවන්ත තීරණයකට එළැඹුණි. ඒ ඇතින්නිය තවත් පිරිසකට කරදර කරන පොදු ස්ථානයකට යාමට පෙර ප්‍රශ්නය විසඳිය යුතු බවයි. එහිදී ඔහු විසින් ඇතින්නිය ඝාතනය කිරීමට තීරණය කරනු ලැබීය. එහිදී මරීව ඝාතනය කිරීම සඳහා ක්‍රේන් එකක එල්ලා මැරීමට තීරණය කරනු ලැබීය. 

වර්ෂ 1916 සැප්තැම්බර් 13 වෙනිදා දිනය හරියට මූසල දිනයක් යැයි බොහෝ දෙනා පවසා තිබුණි. එමෙන්ම එදින මීදුම තත්ත්වයක් තිබූ බවත් සමාන්‍ය පොද වැස්සකුයි වැටෙමින් තිබූ බවත් සඳහන් වෙයි.

මරී තමන්ට සිදුවන්නට යන කිසිම දෙයක් පිළිබඳව දැන නොසිටියාය.  දැවැන්ත ක්‍රේන් එකක් සම්බන්ධ කරපු දුම්රියක් ඇමෙරිකාවේ ටෙන්සාස් හී යුනිකොයි කවුන්ටි වෙත රැගෙන පැමිණියේය. 2500කට අධික පිරිසක් මේ ස්ථානයට රැස්ව සිටියේ මෙම සිදුවීම දැක බලා ගැනීමටයි. එතනින් බොහෝ පිරිසත් ටවුන් එකේ හිටිය පුංචි ළමයි විය.  මරිව දුම්රිය අංගනයට දම්වැල් දමා ගැට ගසා රැගෙන පැමිණියේය.

මරිව තදින් දම්වැල් වලින් බැඳ දැමීමට චාර්ලි ස්පාරක්ස් කටයුතු කරලා තිබුණි.  එසේ කිරීමට හේතුව වුයේ ඇය කලබල කරයි කියන බිය හේතුවෙනි.  අනිත් ඇතුන් ටිකත් මරියා පිටිපස්සෙන් ගෙනත් තිබුණි. ඇයගේ දැඟලීම නැවැත්වීම සදහා එක් පාදයක් රේල් පාරේ තබා තදින් ගැට ගසනු ලැබීය.

එය සිදු නොකළ යුත්තක් බව කාරුත් කියන්න උත්සහ කරේ නැත. ඇගේ ඇටකටු බිදෙන හඩ ඒ නිහැඩියාව තුළ ඇසෙන්න විය.. ඇයගේ බෙල්ලේ අස්ථි බිදී මිය යන තුරුම අඩි පහකට වඩා ඉහළට ඔසවනු ලැබුණි.. ඉහළට ඔසවා තිබු මරියාව දම්වැල් කැඩී යාම නිසා එක්වරම  බිමට වැටී ඇගේ උකුල් ඇට බිදි ගියේය.

මෙවර නැවත වරක් ක්‍රේන් එකට ගැට ගැසූ මරියාව කළින්ටත් වඩා ඉහළට ඔසවනු ලැබීය. පෙරට වඩා ඇයගේ අස්ථි බිදිම සිදුවන්නට විය. ඇයගේ වේදානත්මක කැගෑසීම හා අස්ථි බිදි යන හඩ බොහො දෙනාට සිනාහවක් හා කෝපයක් එක් කළේය.

පැය භාගයකින් පමණ පසුව ඇයගේ හඬ හැමදාටම නිහඩ විය. ඇයගේ මිය ගිය සිරුර දැම්වැල් මත එල්ලමින් තිබුණි. එදා මේ අවස්ථාව ඡායාරූප ගත කෙරුණු අතර බොහෝ දෙනා මේ ව්‍යාජ ඡායාරූප බව කිව්වත් එදා පළ වු වාර්තා හා අනිකුත් ඡායාරූප හමුවේ මේ සිදුවීම සත්‍යයක් බව තහවුරු විය. කෙසේ වෙතත් වනාන්තරයේ ජීවිත් විය යුතු අහිංසක සතෙකු මිනිසාගේ කෲරත්වය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවූ බව බොහෝ පිරිසක් පවසා තිබුණි.

මෙය 20 වන සියවසේ අමානුෂිකම ක්‍රියාවක් විදිහට ඉතිහාසය තුළ ලිය වී ඇත. 

මරී ඇතින්නිය එල්ල මරා දැමූ අවස්ථාව

Rate this item
(0 votes)