April 19, 2024

ට්‍රම්ප් පාක්ෂිකයෝ ඇමෙරිකාවේ කොංග්‍රසය වනසයි - බියට පත් වූ සෙනට් සාමාජිකයන් මේස යට සැඟ වෙයි

ඇමෙරිකාව නැවත වරක් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ ඒ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සම්පුර්ණ වීමත් සමඟයි.

ඇමෙරිකාවේ අගනුවරට ඊයේ (06) දිනයේ හවස 1ට පමණ සිය ගණනක් ට්‍රම්ප් පාක්ෂිකයන් එක් රැස්ව තිබුණු අතර එරට දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වන කැපිටල් ගොඩනැගිල්ලේ මාර්ග බාධක පෙරලමින් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගෙන තිබේ.

එම අවස්ථාවේ ආරක්ෂක අංශයන් සහ ට්‍රම්ප් පාක්ෂිකයන් අතර ගැටුම් ඇති වී ඇති අතර මිනිත්තු 90ක පමණ ගැටමුකින් අනතුරුව ට්‍රම්ප් පාක්ෂිකයන් කැපිටල් ගොඩනැගිල්ල තුළට කඩා වැදී තිබේ.

මෙම අවස්ථාවේ කැපිටල් ගොඩනැගිල්ල තුළ සිටි කොංග්‍රස් සාමාජිකයන් මෙන්ම සෙනට් සාමාජිකයන්ද ප්‍රධාන ශාලාවට දමා අගුළු දැමූ බවද වාර්තා වෙයි.

පසුව නැවත වරක් ආරක්ෂක අංශයන් එක්ව ගොඩනැගිල්ල ට්‍රම්ප් පාක්ෂිකයන්ගෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබේ.

පාක්ෂිකයන් ගොඩනැගිල්ලට පහර දෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ වත්මන් ඇමෙරිකානු උප ජනපතිවරයා වන මයික් පෙන්ස් ද සිටි බවට වාර්තා වන අතර ඔහුව පොලීසිය විසින් ආරක්ෂිතව ඉවත් කොටගෙන තිබේ.

මෙම ගැටුම් අතර පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මේ වන විට දැවැන්ත පොලිස් බලකායක් ඇමෙරිකානු අගනුවර කැපිටල් ගොඩනැගිල්ල අවට ආරක්ෂාව සපයන බවට වාර්තා වෙයි.

මේ වන විට වොෂිංටන් ඩි.සී නුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)