April 20, 2024

ඉන්දියාවේ නිෂ්පාදිත නව කොරෝනා එන්නත හදිස්සියේ අනුමත කිරීම ගැන පර්යේෂකයන් පුදුම වෙයි

තුන්වන අදියර අත්හදා බැලීමේ දත්ත පවා නිකුත් කර නොමැති ඉන්දියාව තුළ නිපදවූ කොවිඩ් -19 එන්නත වන කොවැක්සින් සඳහා හදිසියේ ම අවසර ලබා දීමට ඉන්දියානු රජය ගත් තීරණයට එරට සෞඛ්‍ය විශේෂඥයින් දෝෂාරෝපණයන් එල්ල කර තිබේ.

පසුගිය ඉරිදා (03) දිනයේ දී  එක්සත් රාජධානියේ දැනටමත් අනුමත කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා මෙන්ම ඉන්දියානු සමාගමක් වන භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරන ලද කොවැක්සින් නම් එන්නතක් සඳහා ද ඉන්දියානු බලධාරීන් විසින් අනුමැතිය ලබා දී තිබේ.

භාරත් බයෝටෙක් හි කොවැක්සින් එන්නත අනුමත කිරීමේ තීරණය පිළිබඳව ඉන්දියාවේ වෛද්‍ය ප්‍රජාව විසින් සිය කනස්සල්ලය එරට රජයට ප්‍රකාශ කර තිබේ.

මෙලෙස සායනික පරික්ෂණවල 03 වන මට්ටමේ වාර්තා නිකුත් වීමට පෙර මෙම එන්නත සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් එරට විද්‍යා පර්යේෂකයන් පුදුමයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)