April 25, 2024

චීන රජය එක්ක ගැටලු ඇති කරගත් චීන සුපිරි බිලියනපතියා 'ජැක් මා' අතුරුදහන් වෙයි

චීන බලධාරීන් විසින් ලෝ සුපතල ප්‍රකෝටිපතියාගේ ANT සමූහය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරීමත් සමඟ එම ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරයා වන ජැක් මා අතුරුදහන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජැක් මා මාස දෙකකට වැඩි කාලයක් තුළ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට චීනය විසින් අලිබබා සහ ඇන්ට් සමූහ ව්‍යාපාරයට එරට රජය විසින් ලබාදෙන දීමනා ඇතුළු බොහෝ සේවා කපා දමා ඇති අතර එම සිදුවීමෙන් පසුව ජැක් මා ප්‍රසිද්ධියේ පෙනි නොසිටි බවට වාර්තා වෙයි.

එමෙන්ම ජැක් මා හට චීනයෙන් පිට නොවන ලෙසද චීන රජයෙන් දැනුම් දී තිබේ.

චීන රජය විසින් ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක්ද දියත් කර තිබේ.

මෙම පරික්ෂණ ඉහළම රාජ්‍ය මට්ටමෙන් සිදුවන බව සඳහන් වන අතර ජැක් මා විසින් කිහිප අවස්ථාවකම චීන රජය සමඟ වාදයන් ඇති කරගෙනද තිබුණි.

ජැක් මා හට චීනයේ ආර්ථික පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් තිබූ බව සඳහන් වෙයි.

මේ වන විට චීන රජය විසින් ජැක් මා හට අයිති සියලු ව්‍යාපාරවල මූල්‍ය ක්‍රමවේදයන් දැඩි අධීක්ෂණයකට යටත් කර ඇති බවට සඳහන් වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 January 2021 15:36