March 29, 2024

ලෝකයේ විශාලතම කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ඉන්දියාවෙන් ඇරඹෙයි

ලෝකයේ විශාලතම කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ඉන්දියාවෙන් ආරම්භ කරන බවට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

නව කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීමට දායක වූ සියලු දෙනා හට ස්තූතිය පුද කිරීම සඳහා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

"ලොව විශාලතම කොරෝනාවට එරෙහි ප්‍රතිශක්ති එන්නත් කිරීමේ වැඩසටහන ඉන්දියාවේදී ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා සිය විද්‍යාඥයින්ගේ සහ ශිල්පීන්ගේ දායකත්වය පිළිබඳව රට ආඩම්බර වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම නව එන්නත සඳහා ගෝලීය ඉල්ලුම පමණක් නොව ගෝලීය පිළිගැනීමක් ඇති බවට සහතික කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය ඉහළ දැමිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර සිටි අතර ස්වයංපෝෂිත ඉන්දියාව දැක්ම සංකල්පය සඳහා එය වැදගත් වනු ඇති බවටද සඳහන් කළේය.

'කොවැක්සින්' නම් මෙම නව කොරෝනා එන්නත ඖෂධය සඳහා මේ වන විටත් එරට ඖෂධ නියාමන ආයතනය අවසර ලබා දී ඇත්තේ 110%ක ආරක්ෂිත බවක් සහිතවයි.

Rate this item
(0 votes)