April 20, 2024

ලෝකයටම බලශක්තිය දෙන්න අනාගතයේ දී එන අභ්‍යාවකාශ සූර්ය බලශක්ති මධ්‍යස්ථාන

අභ්‍යාවකාශයේ පාවෙන යෝධ බලශක්ති මධ්‍යස්ථානයන් යනු බොහෝ දෙනාට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක හෝ නවකතාවක් තුළ ඇති අපුරු දෙයක් ලෙසට බොහෝ අවස්ථාවක කෙනෙකුට සිතෙනු ඇත.

නමුත් මෙය දැන් ලෝකයාට තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයක් බවට පත් නොවන කාලයක වැඩි ඈතක නොවන බවට විද්‍යාඥයින් විසින් ඉඟි පළ කරමින් සිටියි.

වර්ෂ 1920 දී රුසියානු විද්‍යාඥයෙකු වන කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි විසින් මුල්ම වරට මෙම සංකල්පය ලෝකයාට ඉදිරිපත් කිරීම කළේය.

කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි (1857 - 1935)

සෝවියට් රුසියාවේ අභ්‍යාවකාශ විද්‍යාවේ සහ රොකට් තාක්ෂණයේ පුරෝගාමී විද්‍යාඥයෙකු වූ කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි විසින් මෙම 'අභ්‍යාවකාශයේ බලශක්ති මධ්‍යස්ථාන' සංකල්පය අද ලෝකයම එක්ව ජයගත යුතු සංකල්පයක් බවට විද්‍යාඥයින් අවධාරණය කර තිබේ.

එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දිනෙන් දින ඉහළ යන කාලගුණික විපර්යාසයි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මෙම සංකල්පයේ වටිනාකම මේ වන විටත් වටහා ගෙන ඇති අතර ඔවුන් විසින් මෙම සංකල්පය දියුණු කිරීමට උත්සාහ කරමින් සිටියි. එමෙන්ම ඔවුන් විසින් මෙම සංකල්පය දියුණු කරන අය සඳහා මුල්‍ය ආධාර ලබා දීමටද සුදානමින් සිටින බවද සඳහන් වෙයි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් අභ්‍යාවකාශයෙන් මිනිසාට ලැබිය හැකි ඉහළම සම්පතක් ලෙස සූර්යාගෙන් නිකුත් කරන කදම්භ බලය හඳුන්වනු ලබයි.

දේශගුණික විපර්යාස දැන් කාලයේ ඇති ලොකුම අභියෝගය බට පත්ව තිබේ. එබැවින් දැන්ටමත් ලෝකය විශාල අවදානමකට මුහුණ දී සිටියි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සිට වෙනස්වන කාලගුණික රටාවන් දක්වා දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් දැනටමත් ලොව පුරා දැනෙමින් තිබේ.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා බලශක්තිය උත්පාදනය හා පරිභෝජනය කරන ආකාරයෙහි ප්‍රබල වෙනස්කම් අවශ්‍යයට බවට විද්‍යාඥයින් විසින් අවධාරණය කරමින් සිටියි.

වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවයකින් සහ අඩු පිරිවැයක් සමඟ පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය මෑත වසරවල විශාල ලෙස ලෝකය තුළ ප්‍රචලිත වෙමින් තිබේ.

නමුත් එම තාක්ෂණයන් ඉහළට යාමේ එක් ප්‍රධාන බාධකයක් වන්නේ එම බලශක්ති ප්‍රබව තුළින් නිරන්තරයෙන් බලශක්ති සැපයුමක් ලබා නොදීමයි.

සුළං හා සූර්ය ගොවිපලවල් ශක්තිය නිපදවන්නේ සුළඟ හමන විට හෝ සූර්යය අලෝකය හොඳින් ලැබෙන විට විට පමණි. 

අවසානයේදී, පුනර්ජනනීය ප්‍රභවයන් වෙත මාරුවීමට පෙර මහා පරිමාණයෙන් ශක්තිය ගබඩා කිරීමට ක්‍රමයක්ද ලෝකයාට අවශ්‍ය වනු ඇත.

අභ්‍යාවකාශය බලශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වන්නේ ඇයි?

අභ්‍යාවකාශ බලශක්ති මධ්‍යස්ථානයක් සැලැස්මක්

අභ්‍යාවකාශය තුළ බොහෝ බලශක්ති මධ්‍යස්ථානයක් පිහිට වීම මඟින් බොහෝ වාසි ඇත.  අභ්‍යවකාශය මත පදනම් වූ සූර්ය බලශක්ති මධ්‍යස්ථානයකට දවසේ පැය 24 පුරාම සූර්යයාට මුහුණ දීමට හැකිය.

පෘථිවි වායුගෝලය සූර්යාලෝකයෙන් සමහරක් අවශෝෂණය කර පරාවර්තනය කරයි, එබැවින් වායුගෝලයට ඉහළින් ඇති සූර්ය කෝෂවලට වැඩි හිරු එළියක් ලැබෙන අතර වැඩි ශක්තියක් ද ලබා ගැනීමට හැකිය.

නමුත් මෙම බලශක්ති මධ්‍යස්ථානයක් පෘථිවියෙන් පිට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදි කිරීමට දැවැන්ත අභියෝගයක් ද ඇති අතර ඒ එම මධ්‍යස්ථානය එක්ලස් කිරීමේ අභියෝගයයි.

එක් සූර්ය බලශක්ති මධ්‍යස්ථානයකට වර්ග කිලෝමීටර 10 ක් (වර්ග සැතපුම් 4.9) පමණ ආවරණය කළ හැකිය - එය පාපන්දු පිට්ටනි 1,400 කට සමාන වේ.

රොකට් යානයක් අභ්‍යාවකාශ ගත කිරීමටකට දැවැන්ත මුදලක් වැය වන අතර එම නිසාම මෙම බලශක්ති මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා සැහැල්ලු ද්‍රව්‍ය භාවිත කිරීමටද සිදුවනු ඇත.

මෙයට විද්‍යාඥයින් විසඳුමක් ලෙස සඳහන් කර තිබුණේ කුඩා චන්ද්‍රිකාවන් විශාල ප්‍රමාණයක් එක්වී එක් දැවැන්ත සූර්යය බලශක්ති මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට හැකි බවයි.

2017 වසරේ දී මේ සඳහා ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයෝ මොඩියුලර් විදුලි බලාගාරයක් සඳහා සැලසුමක්ද සකස් කර තිබුණි. ඔවුන් මෙම චන්ද්‍රිකා මඟින් එක්ලස් කළ හැකි ආකාරයේ කුඩා ටයිල් කැටයකට සමාන ආකාරයේ සූර්ය පැනලයක් ද නිර්මාණය කර තිබුණි. 

පර්යේෂකයෝ මොඩියුලර් විදුලි බලාගාරයක් සඳහා කරන ලද සැලැසුමේ පැනලයක්

ශක්ති බලාගාරයක් අභ්‍යාවකාශය තුළ නිර්මාණය කළද ඊළඟ අභියෝගය වන්නේ එලෙස ලබාගන්නා බලය බලය නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමයි.

එහිදී විද්‍යාඥයින් විසින් සූර්ය කෝෂවලින් විදුලිය බලශක්ති තරංග බවට පරිවර්තනය කිරීම සහ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර භාවිතා කරමින් ඒවා පෘථිවි පෘෂ්ඨයේ ඇති ඇන්ටෙනාවකට මාරු කිරීම සඳහා අදහස් කරමින් සිටියි.ඉන්පසුව එම තරංගයන් නැවත බලශක්තිය බවට පරිවර්තනය කිරීමටද ඔවුන් අදහස් කරමින් සිටියි.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ නායකත්වයෙන් යුත් පර්යේෂකයන් පිරිසක් මේ වන විටත් ඒ පිළිබඳව සැලසුම් සකස් කර ඇති අතර මෙය කළ හැකි කක්ෂීය පද්ධතියක් ඔවුන් විසින් නිර්මාණය කරමින් සිටියි.

මෙම ක්‍ෂේත්‍රය තුළ තවමත් විශාල වැඩ කොටසක් කළ යුතුව ඇති නමුත් ඉදිරි දශක කිහිපය තුළ අභ්‍යවකාශයේ සූර්ය බලශක්ති මධ්‍යස්ථාන යථාර්ථයක් බවට පත්වනු ඇත.

චීනය මේ වන විටත් ඔමේගා නමින් පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එය 2050 වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. එයට ගිගා වෝට් 2ක බලයක් නිපදවීමට හැකියාව ඇති අතර එවැනි බලයක් නිපදවීම සඳහා සූර්ය පැනල මිලියන 06ක් අවශ්‍ය වනු ඇති බවටද ගණන් බලා ඇත.

චීනයේ  SSPS-OMEGA බලශක්ති බලාගාරයේ ආකෘතියක්

(BBC Future ඇසුරිණි.)

Rate this item
(1 Vote)