April 25, 2024

නව අවුරුදු දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය කාන්තාරයක් වෙද්දී චීනයේ වුහාන් නගරයේ දස දහස් ගණක ජනතාවකගෙන් පිරී යයි

ලෝකයේ නව අවුරුදු උදාව ඉහළින්ම සමරන රටවල්වල නගර අතර ඉහළින්ම ඇති ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රය මෙවර කාන්තාරයක් මෙන් නිහඬව ගොස් තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ලෝකයේ කොරෝනා වසංගතය ආරම්භ වූ ස්ථානය ලෙස සලකනු ලබන චීනයේ වුහාන් නගරයේ විදී ජනතාවගෙන් පිරි ගොස් තිබූ බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම සිදුවීම් දෙක මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් සංවාදයක් බවටද පත්ව තිබේ.  බොහෝ දෙනා මෙම සිදුවීම් දෙක එකිනෙක සංසන්ඳනය කරමින් සිට අදහස් ප්‍රකාශ කර තිබුණි.

වුහාන් නගරය කොරෝනා වෛරසයේ දැඩිම පීඩාවට පත් නගරය වූ අතර චීනය විසින් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දින 70කට ආසන්න කාලයක් වුහාන් නගරය වසා දමා තිබුණි.

මේ වන විට කොරෝනා අවධානම සම්පුර්ණයෙන්ම වුහාන් නගරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වන අතර ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වෙමින් තිබේ.

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරයද ඇමෙරිකාව තුළ වැඩිම අවදානමකට ලක් වූ නගරය වූ අතර මේ වන විට කොරෝනා අවදානම පාලනය කර ගැනීමට හැකිව තිබුණත් නිවාඩු දිනයන්හිදී ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙස අවවාදයන් ලබා දී ඇති බවට වාර්තා වෙයි.

එම අවස්ථාවන් දෙක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)