March 28, 2024

“දෙවියන් මට අවවාද කරා - මම දේශපාලනය නවතනවා” - තමිල්නාඩු සුපර් ස්ටාර් දේශපාලනය නවතා දමයි

December 29, 2020

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුපර් ස්ටාර් රජිනි කාන්ත් විසින් පසුගියදා ඉන්දියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් තමන් දේශපාලනයට පිවිසෙන බව පැවසීය.

නමුත් ඔහු හදිසියේම අසනීප වීම නිසා පසුගිය දිනක රෝහල් ගත කෙරුණි.

රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතර ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් දේශපාලනයෙන් ඉවත් වන බවත්, තමන් දේශපාලනය නොපිවිසි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සුදානම් බවද ප්‍රකාශ කළේය.

තමන්ගේ රෝහල් ගත වීම දෙවියන් විසින් තමන්ට ලබා දුන් අවවාදයක් බවත්, එම අවවාදය පිළිගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ගේ තීරණය නිසා ශෝකයට පත් ජනතාවගෙන් මෙන්ම ඔහුගේ ප්‍රේක්ෂකයන්ගෙන්ද සමාව අයැද සිටින බවද රජිනි කාන්ත් පවසා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 December 2020 18:17