April 25, 2024

මේ වසරේ Youtube ආදායම් ලාභීයා බවට අවුරුදු 09ක දරුවෙකු පත්වෙයි - ඉපැයූ ආදායම ඩොලර් මිලියන 20ත් ඉක්මවයි

December 24, 2020

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරේ වැඩිම මුදලක් ගෙවන යූ ටියුබර් ලෙස නව හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු නම් කර තිබේ.

රයන් කජි නම් පුංචි දරුවාගේ 'Rayan's World (රයන්ස් වර්ල්ඩ්)' නම් Youtube නාලිකාව මෙලෙස මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 29.5ක් උපයා ගැනීමට සමත්ව තිබේ.

රයන් කාජිගේ සැබෑ නම රයන් ගුවාන් වන අතර ඔහු විසින් යූ ටියුබ් වීඩියෝ සෑදීමත් ඔහුගේ නාලිකාවකට එම වීඩියෝ දැමීමත් ආරම්භ කළේ 2015 දී ය, ඒ ඔහුට වයස අවුරුදු හතරේ දීය.

2015 වසරේ දී ඔහුගේ නාලිකාව නම් කර තිබුණේ 'Rayan's Toy Review (රයන් ටොයිස් රිවීව්)' ලෙස නම් කර තිබූ අතර ඔහු එහිදී සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන ආකාරය, සහ එම සෙල්ලම් බඩු විවෘත කරන වීඩියෝ ඇතුළත් කර තිබුණි.

අද වන විට 03 වන වසරේ ඉගෙන ලබන රයන්ගේ Youtube නාලිකාවේ මිලියන 27.7 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටියි.

Rate this item
(0 votes)