March 29, 2024

නයිට් ක්ලබ්වල සුරූපී නිළියන් සමඟ පාටි දැමූ ඉන්දීයානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට

December 22, 2020

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සූරේෂ් රයිනා, සුපිරි ගායකයා ගුරු රන්දවා, සහ සුරූපි බොලිවුඩ් නිළි සුසානා ඛාන්ව ඉන්දීයානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ්-19 සඳහා ඉන්දියාව පනවා තිබූ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තිදෙනා සමඟ ඔවුන් විසින් පාටි දමා තිබූ නයිට් ක්ලබ් හී සේවකයන් 07 දෙනෙකුද ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මුම්බායි පොලීසිය විසින් පවසා තිබේ.

පසුව සුරේෂ් රයිනා, සහ ගායක ගුරු රන්දවා පසුව ඇප මත නිදහස් කළ බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහා රාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුව විසින් රාත්‍රී කාලයේ නයිට් ක්ලබ් අවන්හල් සඳහා නීති පනවා ඇති අතර එම නීති උල්ලංඝනය කරමින් එම පිරිස විසින් මෙලෙස උත්සවයක් සංවිධානය කරමින් විනෝද වී තිබේ.

Rate this item
(0 votes)