April 24, 2024

වත්මන් ජනපති ජනතාවට මුල් තැන දෙන්න කියද්දී - තේරී පත් වූ ජනපති ප්‍රසිද්ධියේම කොරෝනා එන්නත විද ගනී

December 22, 2020

එක්සත් ජනපදයේ නව තේරී පත් ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් විසින් කොරෝනා සඳහා ෆයිසර් - බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිර්මාණය කරන ලද එන්නත ලබාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊයේ (21) දිනයේ දී මෙලෙස නව ජනාධීපතිවරයා විසින් ඩෙලවෙයාර් හි රෝහලකදී මෙලෙස එන්නත ලබාගෙන තිබුණි.

ඔහුගේ උප ජනාධිපති වන කමලා හැරිස් ද තමන්ගේ අවස්ථාව උදාවනු තුරු බලා සිටින බවද සඳහන් වෙයි.

පසුගියදා ඇමෙරිකානු මාධ්‍ය විසින් වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරයේ සේවක පිරිස විසින් ජනතාවට පෙර කොරෝනා එන්නත ලබාගත් බවට ප්‍රචාරයක් ගෙන ගිය අතර එය ප්‍රතික්ෂේප කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ තමන්ට හෝ තම සේවක මණ්ඩලයට එන්නත ලබා ගැනීමට හදිසියක් නොමැති බවත්, අදාළ කාල සීමාවේ දී ලබා ගන්නා බවත්ය. 

එමෙන්ම ජනතාවට මුල් තැන ලබා දිය යුතු බවට ධවල මන්දිරය විසින් ප්‍රමුඛතා ලැයිස්තුවක් ද විධායක නියෝග හරහා ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ උප ජනාධිපති වන මයික් පෙන්ස්, දෙවන ආර්යාව කැරන් පෙන්ස් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් මෙම එන්නත ලබා ගැනීමට කටයුතු කර තිබුණී.

Rate this item
(0 votes)