April 25, 2024

බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව ඉන්දියාවත් සුදානම් වෙයි

December 21, 2020

මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් වැඩි දියුණු වු නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් යුරෝපය මේ වන විටත් සිය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරමින් සිටියි.

ඒ අනුව ඔවුන් විසින් මේ වනවිටත් බ්‍රිතාන්‍ය සමඟ ඇති ගුවන් ගමන් නවතා දමමින් සිටියි.

ඉන්දියානු රජයද මෙම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වන හර්ෂ් වර්ධන් පවසා සිටියේය.

ඔහු ඉන්දියානු මාධ්‍ය අමතමින් පවසා සිටියේ  මෙම වෛරසය රටට ඇතුළු වෙයිද යන්න පිළිබඳව ඉන්දිය රජය සෝදිසියෙන් සිටන බවයි.  මීට පෙර මෙන්ම පසුගිය වසරක කාලය තුළ තම රජය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත්ත ලෙසම කළ යුතු සියල්ල කරන බවද ඔහු සඳහන් කර තිබේ. 

ජනතාව කිසිම අවස්ථාවක කලබල විය යුතු නැති බවද ඒ මහතා පවසා සිටියේය.

බ්‍රිතාන්‍යයේ මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රිතාන්‍ය සමඟ එක්ව පර්යේෂණ සිදුකරමින් සිටින බව සඳහන් වෙයි.

දැනට මෙම වෛරස මාරාන්තික නොවුණත්, පැතිරීම වේගවත් බවට පමණක් අනාවරණය කරගෙන තිබේ.

Rate this item
(0 votes)