April 20, 2024

සමාජ මාධ්‍ය වාරණය ආරම්භ වෙයි - ගොවීයන්ගේ උද්ඝෝෂණ සජීවිව පෙන්වූ ගිනුම් කිහිපයක් අවහිර කරයි

December 21, 2020

ඉන්දියාව තුළ සති ගණනක් පුරාවට පැවැත්වෙන ගොවීන්ගේ විරෝධතාවල තතු සජිවීව ගෙන ආ සමාජ මාධ්‍ය ගිනුම් කිහිපයක් අවහිර වී ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දීය රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට විරෝධතාවයන් පාමින් ගොවීන් විසින් පවත්වාගෙන යන ලද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටි ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ගිනුම් කිහිපයක් මෙලෙස අවහිර වී තිබේ.

මෙම සිදුවීමත් සමඟ උද්ඝෝෂකයන් තවත් කුපිත වී ඇති අතර ඔවුන් අවධාරණය කර තිබුණේ සිය හඬ සමාජ මාධ්‍ය ඔස්සේ නැවැත්වීම සඳහා මෙම ගිනුම් අවහිර කර වාරණය කිරීමට ඉන්දීය රජය උත්සාහ කරමින් සිටින බවයි.

එම ගිනුම් එරට පාලක පක්ෂයට කැළෙලක් ඇති කරනු ඇති බවට සිතා මෙම වාරණය කිරීම කරන්නට ඇති බවද ඔවුන් චෝදනා කරයි.

මෙම ගිනුම් තුළින් තවත් කිසිදු තොරතුරුක් බෙදා හැරීමට නොහැකි බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණී.

සති 03ක පමණ කාලයක් ඉන්දීය ගොවීන් එරට රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් නවදිල්ලි නුවරට ඇතුළු වන සීමාවේ උද්ඝෝෂණය කරමින් සිටියි.

Rate this item
(0 votes)