April 25, 2024

ජනතාවට පෙර කොරෝනා එන්නත ගත් ඊශ්‍රායල අගමැති

December 21, 2020

සිය රටේ ජනතාවට කොරෝනා එන්නත ලබාගත යුතුය යන්න ආදර්ශය දීම සඳහා ඊශ්‍රායලයේ කොරෝනා එන්නත ගත් පළමු පුද්ගලයා බවට පත්වීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතින්යාහු සමත්ව තිබේ.

ඒ රාජ්‍ය පුරා සජීවිව විකාශය කළ කොරෝනා එන්නත් සමාජයට ලබා දීමේ සාමාරම්භ උත්සවයේ දී ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත ලෙස හැඳින්වූ ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිපදවන ලද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගනිමිනි.

ඔහු එහිදී හඳට පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රකාශයක් සංශෝධනය කරමින් පවසා තිබුණේ "මිනිසාට මෙය කුඩා එන්නතකි, නමුත් මෙය අප සියලු දෙනාගේ සෞඛ්‍ය සඳහා වූ යෝධ පියවරකි" යනුවෙනි.

කෙසේ වෙතත් ඖෂධය ලබා ගැනීමෙන් පසුව තමන්ට බියක් ඇති වූ බවයි.

කොරෝනා නම් අන්ධකාරයෙන් ආලෝකයට යාමට මෙම එන්නත පිටුවහලක් වනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසා තිබුණි.

කෙසේ වෙතත්, ඔහු කොරෝනා පාලනය කිරීම සඳහා ක්‍රියා මාර්ග හරිහැටි නොගැනීම වැනි බොහෝ හේතුන් නිසා ඔහුට සමාජය තුළින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

Rate this item
(0 votes)