April 18, 2024

යුරෝපයෙන් ම මහා බ්‍රිතාන්‍ය තනි කරයි - තවත් රටවල් කිහිපයක් ගුවන් ගමන් නවතා දමයි

December 21, 2020

මහා බ්‍රිතාන්‍ය තුළ වැඩි දියුණු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟම යුරෝපය විසින් බ්‍රිතාන්‍ය හුදකලා කිරීමේ සුදානමක් ආරම්භ වී තිබේ.

එයට හේතුව වී ඇත්තේ තවමත් හඳුනා නොගත් මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා හටගෙන ඇති බිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් මෙම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සමඟ එක්ව පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මේ වන විට නෙදර්ලන්තය විසින් බ්‍රිතාන්‍ය සමඟ ඇති සියලුම ගුවන් සේවා කටයුතු නවතා දමා ඇති අතර බෙල්ජියම, ඉතාලිය ද නෙදර්ලන්තයේ මඟ යමින් බ්‍රිතාන්‍ය සමඟ ඇති ගුවන් ගමන් සේවා නවතා දැමීමට තීරණය කර තිබේ.

තවත් යුරෝපියානු රටවල් කිහිපයක්ම මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙසේ ගුවන් ගමන් නවතා දැමීමට හේතුව ලෙස එම රටවල් පෙන්වා දෙන්නේ 'පෙර සුදානමක්' ලෙසයි.

මේ අතර බ්‍රිතාන්‍ය තුළ නත්තල් සැමරීමට ඇති අවකාශය අවම වෙමින් යන අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු බලධාරීන් 04 වන අදියරේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ සුදානමක් ඇති බවටද වාර්තා වෙයි.

Rate this item
(1 Vote)