April 19, 2024

“මමවත් ධවල මන්දිරයේ කිසිම කෙනෙක්වත් තවම කොරෝනා එන්නත අරගෙන නැහැ - ජනතාවට ප්‍රමුඛතාවය දෙනවා ” - ට්‍රම්ප් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

December 14, 2020

තමන් ඇතුළු ධවල මන්දිරයේ සේවකයන් විසින් ෆයිසර් / බයෝ එන්ටෙක් කොවිඩ් -19 එන්නත ලබාගෙන ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඇමෙරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා තිබේ.

එම එන්නත ලබා ගැනීමට කිසිදු විශේෂ හදිස්සියක් නොමැති බවද ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇත.

ෆයිසර් / බයෝ එන්ටෙක් කොවිඩ් -19 එන්නත අද (14) දිනයේ සිට ඇමෙරිකාවේ එන්නත් කිරීම ආරම්භ කර ඇති අතර ධවල මන්දිරය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටියන් මෙන්ම ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් සදහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි.

නමුත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පුවත් පළ කරමින් අවධාරණය කර තිබුණේ මෙම ප්‍රමුඛතා ලැයිස්තුව කපා හරිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරයේ පිරිස කොරෝනා එන්නත ලබා ගැනීමට සුදානම් වන බවයි.

මෙම පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ධවල මන්දිරයේ සේවය කරන පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම විශේෂ අවශ්‍යතාවයක් ඇති වුවහොත් මිස මෙම ප්‍රමුඛතා වැඩසටහෙන් පසුව කළ හැකි බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තමන් එන්නත ලබා ගැනීමට සැලසුම් කර නොමැති බවත් නමුත් සුදුසු වේලාවට එසේ කිරීමට බලාපොරොත්තු වන බවයි.

Rate this item
(0 votes)