April 19, 2024

"2015 දී මම මේ වසංගතය ගැන අනතුරු ඇඟව්වා - නමුත් කවුරුවත් ඒක ගැන හිතුවේ නැහැ " - බිලියනපති ව්‍යාපාරිකයාගෙන් තවත් අනතුරු ඇඟවීමක්

December 14, 2020

ඉදිරි මාස 4-6 කාලය කොරෝනා වසංගතයේ දැඩිම අර්බුදකාරී තත්ත්වය බවට පත්වනු ඇති බවට ලෝක තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් ඊයේ (13) දිනයේදී අනතුරු අඟවා තිබේ.

මයික්‍රොසොෆ්ට් සමාගමද මේ වන විට කොරෝනා වසංගතය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ කාර්යේ නිරතව සිටියි.

ගෙවී ගිය සතිවලදී ඇමෙරිකාවේ වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, මරණ සහ රෝහල්ගතවීම්ද ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය මෙම තත්ත්වයට හැසිරවීමට වඩා හොඳ කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට 2015 දී එවැනි වසංගතයක් ගැන ලෝකයට අනතුරු ඇඟවූ ගේට්ස් පැවසීය.

බිල්ගේට්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සමස්තයක් ලෙස තමන් 2015 දී පුරෝකථනයන් කළේ මරණ වැඩි විය හැකි බවයි. එබැවින් මෙම වෛරසය ඊට වඩා මාරාන්තික විය හැකිය.

නරකම මොහොත තවත්මත් උදා වී නොමැති බවද බිල් ගේට්ස් පවසා සිටියේය. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ තමන්ව පුදුමයට පත් කළ කාරණය වුයේ එක්සත් ජනපදයේ සහ ලොව පුරා ආර්ථික බලපෑම තමන් මීට වසර පහකට පෙර කළ අනාවැකිවලට වඩා බොහෝ සෙයින් වැඩි වී ඇති බවයි.

කොවිඩ්-19 හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ පුද්ගලයින් 290,000 කට වඩා මිය ගොස් ඇත.

ගේට්ස් පැවසුවේ තම පදනම විසින් එන්නත් සඳහා බොහෝ පර්යේෂණ සඳහා අරමුදල් සපයා ඇති බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයට පසුව විශාලතම අරමුදලක් එන්නත් සඳහා ලබා දී ඇත්තේ තම ගේට්ස් පදනම බවද බිලියනපති ව්‍යාපාරිකයා පැවසීය.

බිල් ගේට්ස් විසින් 2015 දී කළ අනතුරු ඇඟවීම

2015 මාර්තු මාසයේ දී ලෝක ප්‍රසිද්ධ TED Talk (ටෙඩ් ටෝක්ස්) හෙවත් තාක්ෂණ, විනෝදාස්වාදය සහ සැලසුම් වැඩසටහනට එක්වෙමින් තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් ව්‍යාපාරයේ හිමිකරු වන බිලියනපති බිල් ගේට්ස් විසින් අනතුරු අඟවමින් පවසා සිටියේ ලෝකය වසංගත තත්ත්වයකට සුදානම් විය යුතු බවයි. 

2014 වසරේදී ඇති වූ එබෝලා වෛරසය පාලනය කිරීමට ලෝකය දැඩි උත්සාහයක් ගත බව පැවසූ ඔහු කියා තිබුණේ පරාර්ථකාමී සෞඛ්‍ය සේවකයන් හේතුවෙන් එය ගෝලීය වසංගතයක් බවට පත් වීමට පෙර එය වළක්වා ගැනීමට හැකි වූ බවයි.

ඔහුගේ අනතුරු ඇඟවීම බවට පත් වුයේ "ඉබෝලා පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුණද, ඊළඟ වතාවේ අපි එතරම් වාසනාවන්ත නොවිය හැකිය" යන්නයි.

වෛරසයක් පැතිරීම පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි තාක්‍ෂණික මෙවලම් ඕනෑ තරම් ඇති බවද එදා ඔහු පැවසීය.

NATO (නේටෝ) සංවිධානය විසින් මිනිසා යුද්ධය සඳහා සුදානම් වන ආකාරය ගැන සොයා බැලීමට යුද පුහුණු වීම් පවත්වන ආකාරයටම වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට පුහුණු වීම්ද කළ යුතුව ඇති බවට බිල් ගේට්ස් එහිදී සඳහන් කර තිබුණි.

වෛරසයක් පැතිරීම වැළැක්වීම සඳහා තාක්‍ෂණයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවද ඔහු 2015 වසරේ එම ටෙඩ් වැඩසටහනට පැමිණි සිටි ප්‍රේක්ෂකයින්ට පැවසීය.

ජංගම දුරකථන භාවිතය තුළින් වසංගත ව්‍යාප්ත වීම  සහ රෝග පැතිරෙන්නේ කොතැනද යන්න පුරවැසියන්ට පහසුවෙන් වාර්තා කළ හැකි අතර චන්ද්‍රිකා සිතියම්ගත කිරීම මඟින් ගැටලු ඇති ප්‍රදේශ ඉක්මනින් සම්බන්ධ කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ජීව විද්‍යාවේ දියුණුවත් සමඟ නව වෛරස් සඳහා එන්නත් නිපදවීමට ගතවන කාලය විශාල ලෙස අඩු කර ගත හැකි බවද පවසා තිබේ.

ඔහු ටෙඩ් ටෝක්ස් වැඩසටහනට එක් වෙමින් කළ කතාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 14 December 2020 12:57