April 25, 2024

ෆයිසර් කොරෝනා එන්නත ගැන තවත් හෙළිදරව්වක් - ඇමෙරිකානුවන් මිලියන 4කගේ ජීවිත අවදානමේ

December 13, 2020

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ඒජන්සිය විසින් ෆයිසර් කොරෝනා එන්නත පිළිබඳව නවතම හෙළිදරව්වක් කර තිබේ.

කොවිඩ්-19 සඳහා නිපදවන ලද ලෝකයේ සාර්ථකම එන්නත ලෙස ප්‍රකාශයට පත් කළ ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ඇමෙරිකාව තුළ නිකුත් කරන දිනය සහ වේලාව සහ එයට අනුමැතිය ලබා දෙන දිනය පිළිබඳව වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බලපෑම් කර ඇති බවට එම පරිපාලන ඒජන්සිය විසින් හෙළිදරව් කර තිබේ.

නමුත් එම දේශපාලනික බලපෑම් නොතකා ඔවුන් විසින් ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත ‍පිලිබඳව නවතම අනාවරණයක් කර තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය විසින් කොරෝනා එන්නත ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට හානිදායක විය හැකි බවට කරන අනතුරු ඇඟවීම් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ඒජන්සිය විසින්ද සිදු කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආසාත්මිකතාවයන් නිසා පීඩා විඳින පුද්ගලයින්ට මෙම එන්නත හානිදායක විය හැකි බවයි.

ඇමෙරිකාව තුළ මේ වන විට "EpiPen (epinephrines) - එපිපෙන්" නම් ආසාත්මිකතාවයන්ට සුවිශේෂි වූ එන්නත ගන්නා පුද්ගලයින් මිලියන 04ක් ජීවත් වන බව සඳහන් වන අතර එම පුද්ගලයන් සඳහා මෙම එන්නත අනුමත නොකර බවද එම ඒජන්සිය අවධාරණය කර තිබේ.

එන්නත සමඟ උපදෙස් ලෙස මෙම අනතුරු ඇඟවීමද සිදු කර ඇති බවට එම ඒකකය පවසා සිටින අතර එම එන්නතේ අමුද්‍රව්‍ය හේතුවෙන් ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට හානිදායක විය හැකි බවත් එම නිසා එය නොගෙන ඉන්නා ලෙස ඉල්ලීමක්ද කර තිබේ.

එළැඹෙන සඳුදා දිනයේ සිට ෆයිසර් කොරෝනා එන්නත ඇමෙරිකා එක්සත් ජනපදය තුළ එන්නත කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජනපදයේ පාලනාධිකාරිය විසින් එන්නත මාත්‍රාව මිලියන ගණනක් රට පුරා යවා ඇති හෙයින් ඒජන්සිය සෞඛ්‍ය සේවා සපයන්නන් සහ රෝගීන් සඳහා නව තොරතුරු නිකුත් කළේය.

Rate this item
(2 votes)
Last modified on Sunday, 13 December 2020 09:01