April 19, 2024

සරාගී චිත්‍රපට කිහිපයකම රඟපෑ සුරූපී නිළිය නිවසේම ඝාතනය කරලා

December 13, 2020

ඉන්දියානු සිනමාවේ සුරූපි නිළියක් වන ආර්යා බැනර්ජීව ඇයට අයත් මහල් නිවාස සංකීර්ණයේ නිවසේ දී ඝාතනය කර තිබියදී සොයා ගෙන තිබේ.

කොල්කටා පොලීසිය විසින් පරික්ෂණයක් සිදු කරමින් සිටින බවට වාර්තා වන අතර ඇයව ඝාතනය කර ඇත්තේ පසුගිය සිකුරාදා (11) වැනිදා බවත් ඇයගේ සිරුර සොයාගෙන ඇත්තේ ඊයේ (12) දිනයේදී බවත් වාර්තා වෙයි.

ඇයගේ දුරකථනයට දිගින් දිගටම පැමිණි ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අසල්වාසීන් ඇයගේ නිවසට ගොස් කතා කර ඇති අතර කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් කොල්කටා පොලීසිය වෙත දන්වා තිබුණි.

ඇය බොහෝ අවස්ථාවන් හී තනිවම ජීවත් වීමට කැමැත්තක් දැක්වූ බව තතුදත්තෝ පවසති.

'LSD: Love Sex Aur Dhoka' (2010) සහ 'The Dirty Picture' (2011) චිත්‍රපට තුළද මෙන්ම නිරූපන ශිල්පිනියක් ලෙසද ඇය කටයුතු කර තිබුණි. 

Rate this item
(0 votes)