April 16, 2024

"කොරෝනා රැපීඩ් ටෙස්ට් කියන්නේ වැදගම්මකට නැති පරික්ෂණයක් - මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරලා" - මන්ත්‍රීවරයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

December 12, 2020

ඕස්ට්‍රියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මයිකල් ෂ්නෙඩ්ලිට්ස් විසින් කොවිඩ්-19 හඳුනා ගැනීමට යොදා ගන්න රැපීඩ් ටෙස්ට් කට්ටලයක් එරට පාර්ලිමේන්තුවට ගෙන එමින් අපුරු පරික්ෂණයක් සිදු කර තිබුණි.

මෙම මන්ත්‍රීවරයා විසින් ඕස්ට්‍රියානු පාලක පක්ෂයට දැඩි චෝදනා කිහිපයක් එල්ල කරමින් කළ කතාව අතර එරට කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීමට ගන්නා රැපීඩ් ටෙස්ට් කට්ටලයක් ගෙන එයට කොකාකෝලා දමා මිනිත්තු කිහිපයකින් පසුව එය ගෙන පාර්ලිමේන්තුව ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.

එහිදී සියලු දෙනා මවිතයට පත් කරමින් රැපීඩ් කට්ටලය විසින් කොරෝනා ධනාත්මක බවට එම කට්ටලයේ සටහන්ව තිබුණි.

ඉන්පසුව ඔහු රැපීඩ් ටෙස්ට් යනු වැදගම්මකට නැති පරික්ෂණයක් බවත්, එවන් පරික්ෂණයන් සඳහා එරට පාලක පක්ෂය විසින් ජනතා බදු මුදල් අවභාවිත කරමින් සිටින බවද චෝදනා කළේය.

එමෙන්ම එම පාලක පක්ෂය විසින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කොට තිබෙන බවත්, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සඳහා ඇති අයිතියද අහිමි කරමින් සිටින බවට චෝදනා කළේය.

කොවිඩ්-19 හේතුවෙන් රට දැඩි ආර්ථික අර්බුදයන්වලට මුහුණ දෙන අවස්ථාවක මෙවැනි දේවල්වලට ජනතා බදු මුදල් යෙදවීම ගැන ඔහු ප්‍රශ්න කර සිටියේය.

ඔහු විසින් රැපීඩ් කට්ටලය වැරැදි ප්‍රතිඵල පෙන්වන අවස්ථාව දැක්වෙන වීඩියෝ සටහන පහතින්,

Rate this item
(0 votes)