April 18, 2024

කොරෝනා එන්නත ලෝකයේ ධනවත් රටවල් පමණයි - දුප්පත් රටවල්වල බිලියන ගණනකගේ ජීවිත අනතුරේ - WHO හී ඉල්ලීමට ප්‍රබල රටවල් නිහඬයි

December 12, 2020

2021 වසර අවසානය වන විට ලෝකයේ ධනවල් රටවල් සියල්ලම පාහේ කොරෝනා වෛරසය මැඩලීමට හැදූ ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ලම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා 03 ගුණයක් පාහේ මිලට ගනු ඇති බවට නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.

මෙමඟින් දුප්පත් රටවල් බොහෝමයක් බිලියන ගණනක් ජනතාවගේ ජීවිත අහිමි වීමේ අවධානමක් ඇති බවටද මෙම වාර්තා වෙන් අනාවරණය කර තිබේ.

මෙම වාර්තාව නිකුත් කර තිබුණේ පසුගිය බදාදා (09) දිනයේ වන අතර එය නිකුත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) විසිනි.

එම සංවිධානය ඇතුළු තවත් බොහෝ මානව හිමිකම් සංවිධානයන් ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්වලින් ඉල්ලා තිබුණේ ඖෂධය බෙදා හැරීමේදී සර්ව සාධාරණ ක්‍රමයක් අනුගමනය කරන ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයන් විසින් කිහිප අවස්ථාවකම එන්නත් සඳහා එකාධිකාරී බලයක් නොපෙන්වන ලෙස ලෝකයේ ප්‍රබල සහ ධනවල් රටවලින් ඉල්ලීම් කර තිබුණි.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVAX නමින් හැඳින්වෙන ගෝලීය එන්නත් වැඩසටහන් යෝජනා ක්‍රමයකට සහාය ලබා දී තිබේ.

එමඟින් එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීමට අපේක්ෂා කරන අතර රටවල් 189 ක් ඊට සම්බන්ධ වී ඇත.

නමුත් එක්සත් ජනපද ඇමෙරිකාව වැනි සමහර රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ගිවිසුම් අත්සන් තබා නොමැත.

2021 අවසන් වන විට එන්නත් මාත්‍රාව බිලියන 2 ක් පමණ ලබා දීමට කෝවාක්ස් බලාපොරොත්තු වන නමුත් එය තවමත් නියෝජනය කරන්නේ යාන්ත්‍රණයේ කොටසක් වන රටවල ජනගහනයෙන් සියයට 20 ක් පමණි.

හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් දුප්පත් රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකට ලබන වසරේදී COVID-19 ට එරෙහි එන්නත ලබා දීමට හැකිවන්නේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බවද මෑත ගණනය කිරීම් මත පදනම්ව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පැවසීය.

ඔවුන්ගේ නවතම දත්තවලට අනුව පෙනී යන්නේ ලෝක ජනගහනයෙන් සියයට 14 ක් පමණක් නියෝජනය කරන ධනවත් රටවල් මේ වන විට ලබා දී ඇති වඩාත්ම සාර්ථක වූ එන්නත් වලින් සියයට 53 ක් මිල දී ගෙන ඇති බවයි.

ලෝක ජනගහනයට සාපේක්ෂව වැඩිම කොරෝනා එන්නත් මිලදී ගෙන ඇති රට බවට කැනඩාව පත්ව ඇති අතර ඔවුන් මිලදී ගෙන ඇති මාත්‍රා ප්‍රමාණය අනුව එක් පුද්ගලයෙකුට එකම එන්නත 03 වරක් ලබා දිය හැකි බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අවධාරණය කර තිබේ.

COVID-19 එන්නත්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැර දමන ලෙස දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ලෝක වෙළඳ සංවිධාන සභාවට ඉදිරිපත් කළ යෝජනාවට සහාය දෙන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියේය.

Rate this item
(1 Vote)