April 24, 2024

“බිල් ක්ලින්ටන් හට ළමා අපචාර චෝදනා එල්ල වෙයි” - ක්ලින්ටන් යුවලගේ විවාහය දෙදරා යයි

December 10, 2020

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිඳ වූ ප්‍රධාන පෙළේ දේශපාලන චරිතයක් වූ හිලරි ක්ලින්ටන්ගේ විවාහය දෙදරා යෑමට ආසන්නව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙයට හේතුව වී තිබුණේ බිල් ක්ලින්ටන් හට ළමා අපචාර චෝදනා එල්ල වී තිබීමයි.

බිල් ක්ලින්ටන්ගේ ළඟම මිතුරා ලෙස සඳහන් වූ ජෙෆ්රි එප්ස්ටයින් හට මීට පෙර අවුරුදු 15ක දැරියක් අතවරයට ලක් කිරීමට දැඩි චෝදනා එල්ල වී තිබුණි.

ජෙෆ්රි එප්ස්ටයින් නම් පුද්ගලයා විසින් කැරබියන් දූපතක් මිලදී ගෙන තිබුණු අතර එහිදී මෙම දැරිය බරපතළ ලිංගික අතවරයන්ට ලක් කර තිබුණු බව සඳහන් වෙයි.

හිටපු ජනාධිපතිවරයාද මෙම දූපතට කිහිප අවස්ථාවකම ගොස් ඇති බවට සඳහන් වුවත් ඔහු විසින් ළමා අපචාර චෝදනා ප්‍රතික්පේෂ කර තිබේ.

2019 දක්වා ඇදී ගිය ජනාධිපතිවරයාගේ මිතුරා වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ නඩුවේදී ඔහු ලිංගික අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස නඩු විභාගයේ දී චෝදනා එල්ල වුණු අතර එම වසරේම ඔහු සිය සිරකුටිය තුළ මිය ගොස් සිටියදී සොයා ගනු ලැබීය.

ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස පසුව හෙළිවිය.

මෙම සිදුවීම නැවත වරක් සමාජයේ කතාබහකට ලක්වීමට ගෙන තිබෙන අතර හිලරි ක්ලින්ටන් විසින් තමන්ගේ 45 වසරක විවාහ දිවියට සමුදෙමින් දික්කසාදය ලබා ගැනීමට සුදානම්ව සිටින බව සඳහන් වෙයි.

නැවත වරක් දේශපාලන ගමනට පිවිසීමට තමන්ට අදහසක් නොමැති බව පවසන හිලරි ක්ලින්ටන් මෙලෙස සිය සැමියාගෙන් වෙන් වීමට අපේක්ෂා කරමින් සිටියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 December 2020 10:26