April 19, 2024

ඉන්දියාවට ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත නොලැබෙන ලකුණු

December 07, 2020

ලෝකයේ කොරෝනා වෛරසය සඳහා දැනට සාර්ථකම එන්නත ලෙස සැලකෙන ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙකු වන ෆයිසර් සමාගම සහ ජර්මානු පර්යේෂණ ආයතනයක් වන බයෝඑන්ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කරන ලද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත නොලැබී යාමේ අවස්ථාවක් උද්ගතව ඇති බවට වාර්තා වෙයි.

මෙම නව එන්නත සෙල්සියස් අංශක ඍන 70ක් පමණ අවම උෂ්ණත්වයේ තැබිය යුතු වන අතර ඉන්දීයාවේ ග්‍රාමීය ප්‍රදේශයන්වලට මෙතරම් සිසිලනයක් පවත්වාගෙන යාහැකි උපකරණ සහ පහසුකම් නොමැති වීම නිසා මෙලෙස ප්‍රතිකාරය නොලැබී යාමේ අවස්ථාවක් උද්ගතව ඇති බවට සඳහන්.

නමුත් ෆයිසර් සමාගම විසින් මේ වනවිටත් එයට විසඳුමක් සොයා ගැනීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ වනවිටත් බ්‍රිතාන්‍ය සහ බහරේන් රාජ්‍ය විසින් ෆයිසර් කොරෝනා එන්නත ඇනවුම් කර තිබේ.

එම සමාගම පවසන්නේ ඔවුන් වසරකට එන්නත් මිලියන 100ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.

Rate this item
(1 Vote)