April 24, 2024

ඇමෙරිකාව කංසා සාපරාධී අපරාධයක් ලෙස නොපිළිගන්නා පනතක් සම්මත කරයි - "බදු ලැබෙනවා නම් කොකේන් නීතිගත කරනවාද?" යැයි විරුද්ධ වූවන් අසයි

December 05, 2020

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ෆෙඩරල් මට්ටමින් කංසා භාවිතය සාපරාධී අපරාධයක් ලෙස නොසලකා හැරීමට විශේෂ පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබේ.

තවමත් නීතිගත කිරීමක් සිදු කර නොමැති අතර බොහෝ විට මෙය ඉදිරියේ දී නීතියානුකූලව කංසා වගා කරන්නන් හට හොඳ අවස්ථාවක් වනු ඇති බව සඳහන් වෙයි.

මෙම පනත් කෙටුම්පත සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 284 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී තිබූ අතර විරුද්ධව 164 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණි.

මෙහිදී රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු විසින් තම පක්ෂයට විරුද්ධව යමින් පක්ෂව ඡන්දය භාවිත කර තිබූ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ 06 දෙනෙකුද මෙයට විරුද්ධ වී තිබුණි.

මෙයට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබුණේ මෙය අපරාධයක් බවට නොසලා හැරීම තුළින් රිය අනතුරු සහ අපරාධ ඉහළ යා හැකි බවයි. 

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම වල් පැලෑටියක් නීතිගත කිරීම තුළින් බදු ලැබුණද එයින් ලැබෙන ප්‍රතිවිපාක ගැන සිතා බැලිය යුතු බවයි. බදු ලැබෙනවා නම් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ද නීති ගත කරනවාද දැයිද ඔවුන් ප්‍රශ්න කර තිබුණි.

එය මානසිකව විකෘති ඇති කරන මත්ද්‍රව්‍යයක් බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධව ඇති ෆෙඩරල් නීති වෙනස් නොකර ලෙසයි.

එමෙන්ම ඊයේ (04) දිනයේ දී හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය මට්ටමට දමා තිබූ කංසා ඉන් ඉවත් කිරීමටත්, එය ඖෂධයක් ලෙස සලකා එයින් පර්යේෂණ කිරීමටත් ඉඩ ලබා දීමට තිරණය කර තිබේ.

ඔවුන් මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ තහනම ඉවත් කළත් මෙය ලෝකය පුරා නීතිගත කිරීමට බලපෑම් නොකර බවත්, නමුත් බොහෝ රටවල් ප්‍රමාණයක් දැන් කංසා නීතිගත කිරීමට පෙලඹෙනු ඇති බවත්ය. 

Rate this item
(0 votes)