April 19, 2024

ඇමෙරිකාවේ නව ජනපතිගෙන් දින 100 යේ වැඩපිළිවෙළක්

December 04, 2020

ඇමෙරිකාවේ නව තේරීපත් වු ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දනය සඳහා දින 100ක තීරණයක් ගන්නා ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ CNN මාධ්‍ය ජාලයට අදහස් ප්‍රකාශ කරමිනි.

ඒ අනුව ඔහු ඉල්ලා සිටින්නේ දින 100ක් යනතුරු සියලුම ඇමෙරිකානු පුරවැසියන්ට මුහුණු ආවරණ පළඳින ලෙසයි. 

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම ක්‍රියාව කළහොත් සැලැකිලි යුතු මට්ටමකින් ඇමෙරිකාවේ කොරෝනා වසංගතය පාලනය කරගත හැකි වනු ඇති බවයි.

එම හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ෆෙඩරල් පාලනය සහිත සියලු ආයතනයන් තුළ මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කරමින් තමන් ස්ථාවර නියෝගයක් නිකුත් කරන බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට එරට ජනතාවට ව්‍යවස්ථානුකූලව මුහුණු ආවරණ පැළැඳීමට බල කිරීමට හෝ නියෝග දීමට හැකියාවක් නොමැති බවද එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)