April 17, 2024

තම ජීවිතය කැප කරමින් ඉන්දීය සිනමා සුපිරි තරුව දේශපාලනයට - තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි

December 03, 2020

තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් ඉන්දියානු දමිළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබේ.

ඔහු මෙම තීරණය ගෙන තිබුනේ තමිල්නාඩු මහා මැතිවරණයට මාස කිහිපයක් තිබියදී ය.

රට වෙනස් කළ යුතු යැයි පවසන රජිනි කාන්ත් එය දැන් කළ නොහැකි නම් කවදාවත් කළ නොහැකි බවද පවසා තිබේ.

මේ වන විට ඔහු විසින් දේශපාලන පක්ෂයක්ද නිර්මාණය කරගෙන තිබෙන අතර එය ලියාපදිංචියද සිදු කර තිබේ.

තම දේශපාලන පක්ෂය ගැන අදහස් පළ කරමින් රජිනි කාන්ත් පවසා තිබුණේ තමන්ගේ දේශපාලනයට කුල භේද, ආගම් භේද හෝ ජාති භේදයන් නොමැති බවයි.

"දෙමළ ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය පවා කැප කිරීමට මම සූදානම්" යනුවෙන්ද ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කරමින් ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

මීට පෙර සෞඛ්‍ය හේතුන් මත දේශාපලනයට පිවිසීම අවිනිශ්චි බවට මීට පෙර ඔහු සඳහන් කළත් තම තීරණය පසුවට දැනුම් දෙන බවට ඔහු කියා තිබුණි.

රජිනි කාන්ත් හට මීට පෙර වකුගඩු බද්ධ කිරීමක්ද සිදු කර තිබේ. නමුත් දැන් 69 වන වියේ පසුවන රජිනි කාන්ත්ගේ දේශපාලන ගමන ස්ථීර වී තිබේ.

මේ වන විටත් ඔහුගේ දේශපාන ප්‍රචාරන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එය රසිකයන් විසින්ම සිදු කිරීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)