April 24, 2024

“මම දැන් යනවා - තව අවුරුදු 04කින් ආයේ හමුවෙමු” ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ දේශපාලනය අනුගමනය කරයි

December 03, 2020

ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධූර කාලය අවසන් වීමට තවත් ඇත්තේ කෙටි කාලයකි.

එම කාලය තුළ ඔහු ගන්නා තීන්දු තීරණ පිළිබඳව ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය හිමිව තිබෙන අතර ඔහුගේ නවතම ප්‍රකාශයද මෙලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

ධවල මන්දිරයේ සංවිධානය කර තිබූ සාදයකදී ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කර තිබුණේ "...මේ අවුරුදු හතර පුදුම සහගත අවුරුදු 4ක්.. අපි තවත් අවුරුදු 04කට උත්සාහ කරනවා.. එහෙමත් නැත්නම් අපි තවත් අවුරුදු 04කින් හමුවෙයි" යනුවෙනි.

මෙම සාදයට රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයින් ද සහභාගී වී සිටි අතර මාධ්‍ය සඳහා එහි ඉඩකඩ ලබා දී නොතිබුණි. නමුත් ට්‍රම්ප්ගේ ඉහත ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටයක් සමාජජාල තුළ වේගයෙන් සංසරණය වී තිබේ.

නොවැම්බර් 03 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයගෙන ඇති බවට තහවුරු වුවත් ට්‍රම්ප් විසින් තවමත් පරාජය බාර ගැනීමට සුදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෑත කාලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ධූර කාලයේ සිටියදී දෙවනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත්, ජනාධිපතිවරයෙකු ලෙස සිට විශ්‍රාම ගොස් නැවත ජනාධිපතිවරයෙකු ඉල්ලු අවස්ථාවන් වාර්තා නොවීමද විශේෂත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වුණත්, ඔහුට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව ඉතාමත් අල්ප වනු ඇති බවටද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Rate this item
(0 votes)