April 16, 2024

කොරෝනා නසන සාර්ථක එන්නත පළමුවරට ජනතාවට දෙන රට බවට බ්‍රිතාන්‍ය පත් වෙයි

December 02, 2020

ලෝකයේ කොරෝනා වෛරසය සඳහා සාර්ථකම එන්නත ලෙස ප්‍රකාශයට පත් කර ඇති ෆයිසර් සහ බයෝ එන්ටෙක් යන සමාගම් එක්ව නිර්මාණය කළ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලෝකයේ ජනතාවට ලබාදෙන පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එලැඹෙන සතියේ බදාදා (11) දිනයේ ප්‍රථම වරට ජනතාවට මෙම එන්නත ලබා දීමට නියමිතව තිබේ.

මෙම ෆයිසර්-බයෝ එන්ටෙක් හි COVID-19 එන්නත භාවිතය සඳහා අනුමත කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්වාධීන ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය (එම්එච්ආර්ඒ) විසින් ලබා දී තිබූ නිර්දේශය එරට රජය විසින් අද (02) පිළිගෙන තිබේ.

මේ වන විට එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන පිරිස පිළිබඳව අධ්‍යයනයක් කරගෙන යන අතර රැකවරණ නිවාසවල රැඳී සිටින්නන්, ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් සහ වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇති බවට වාර්තා වෙයි.

ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් විසින් පවසා ඇත්තේ මෙය ඉතිහාසගත වන අවස්ථාවක් වනු ඇති බවයි.

Rate this item
(0 votes)