January 27, 2021

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාව ඝාතනය කළාද? - ඔහුගේ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි

November 30, 2020

මීට දින 04කට පෙර ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘද්‍යාබාධයක් හේතුවෙන් මිය ගියේ ලෝකයේ මිලියන සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි.

නමුත් මේ වන විට ඔහුගේ මරණය සම්බන්ධ සිදුවීම වෙනත් දිශාවකට යොමු වෙමින් පවතින්නේ ඔහුව ඝාතනය කළ බවට සැක පහළ වීමත් සමඟයි.

ඩියාගෝ මැරඩෝනාගේ වෛද්‍යවරයා වන ලියෝපෝල්ඩෝ ලූක්ගෙන් මේ වන විටත් මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආජන්ටිනා පොලීසිය කටයුතු කර තිබේ.

ශල්‍ය කර්මයකින් පසුව මැරඩෝනාගේ ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා නොසැලැකිල්ලක් දැක් වූ බවට ඇතිව තිබෙන සැකය තහවුරු කර ගැනීම සඳහා මෙම පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැරඩෝනාට හට මෙම මාසයේ දී ඔහුගේ මොළයේ තිබූ රුධීර කැටියක් ඉවත් කිරීම සඳහා ශල්‍ය කර්මයක් ද සිදු කර තිබූ අතර එය සාර්ථකව කර ගැනීමට හැකිවිය.

60 හැවිරිදි ඔහු සුවය ලබමින් සිටි සිය නිවසේදී හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.

මේ වන විට සැකකාර වෛද්‍යරයාගේ පරිගණක, ජංගම දුරකථන සහ වෛද්‍ය සටහන් ලබා ගත් බව නිලධාරීහු පවසති.

සුව වෙමින් සිටි මැරඩෝනාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙම වෛද්‍යවරයා අවසාන මොහොතේ සම්බන්ධ වීම සම්බන්ධයෙන් ද සැක පහළ වී තිබේ.

සැකකාර වෛද්‍යරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ "මා වගකිව යුත්තේ කුමක් දැයි ඔබට දැන ගැනීමට අවශ්‍යද? ඔහුට ආදරය කිරීම, ඔහු ගැන සැලකිලිමත් වීම, ඔහුගේ ජීවිතය දීර්ඝ කිරීම සහ අවසානය දක්වා එය වැඩිදියුණු කිරීම නිසා." බවයි.

ඔහු ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බවත් තමන් මැරඩෝනාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වගකිව යුතු නොවන බවද සඳහන් කළේය.

Rate this item
(0 votes)