April 20, 2024

"ඇමෙරිකාවේ ඡන්ද විමසීමත් හරියට 03 වෙනි ලෝකයේ රටක් වගේ..."

November 27, 2020

එක්සත් ජනපද මැතිවරණයේ ජයග්‍රාහකයා බව ජෝ බිඩෙන් නිල වශයෙන් තහවුරු කළහොත් ධවල මන්දිරයෙන් ඉවත්ව යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වතාවක් ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනාධීපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් වු බවට එරට රාජ්‍ය පරිපාලන සේවය විසින් ප්‍රකාශයට පත් කර සතියක් යාමටත් මත්තෙනි.

ජනාධිපතිවරයා විසින් තවමත් ඡන්ද වංචාවක් සිදුවු බවට, හොර ඡන්දයන් ප්‍රකාශයට පත් කළ බවටත් ප්‍රකාශ කරමින් සිටින අතර නැවත වතාවක් ඔහු කියා සිටියේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථිර කළහොත් තමන් ධවල මන්දිරයෙන් ඉවත් වීමට සුදානම් බවයි.

එමෙන්ම ඇමෙරිකානු ඡන්ද ක්‍රමය දැඩි විවේචනය කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ "ඇමෙරිකානු ඡන්ද විමසීම 03 වෙනි ලෝකයේ රටක් මෙන්" බවයි.

නියම ජයග්‍රහකයා නැවත වරක් ප්‍රකාශයට පත් කිරීම සඳහා විශේෂ රැස්වීමක් අපේක්ෂකයන් දෙදෙනාගේම සහභාගීත්වයෙන් දෙසැම්බර් 14 වෙනිදා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී නිල වශයෙන්ම නැවත වරක් ජයග්‍රාහකයා නම් කරනු ඇත.

මේ වන විට අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඡන්ද බල ප්‍රදේශ 306ක් දිනාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 232ක් පමණයි.

Rate this item
(0 votes)