April 25, 2024

පරණ ඇමෙරිකාව නැවත වැඩ අරඹයි - ලෝකයටම නායකත්වය දෙන බවද කියයි - ජෝන් කෙරීටත් තනතුරක්!

November 25, 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ආරක්ෂක මණ්ඩලය නම් කරමින් තේරී පත් වූ නව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව නැවත පැමිණි බවයි.

එමෙන්ම ලෝකයටම නායකත්වය දීම සඳහා සුදානම් වන ලෙසත්, පසුනොබසින ලෙසත් ප්‍රකාාශ කළේය.

ඇමෙරිකානු නව ජනාධිපතිවරයාගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පහත පුද්ගලයින් නම් කොට තිබේ.

මෙම සියලු දෙනාම බැරක් ඔබාමා පාලන සමයේ දී ඔහුගේ පරිපාලනයේ විවිධ තනතුරු හොබවන ලද පුද්ගලයින් වීමද විශේෂත්වයකි.

එමෙන්ම පළමුවරට එරට බුද්ධි අංශ මෙහෙය වීම සඳහා කාන්තාවක් අධ්‍යක්ෂක ධූරයට පත් කර තිබීමද මෙවර විශේෂත්වයක් වෙයි.

එමෙන්ම ලුතින් සම්භවයක් සහිත පුද්ගලයෙකු පළමුවරට ස්වදේශ ආරක්ෂක කටයුතු භාරව සිටීමද මෙවර කැපී පෙනෙන දෙයක් බවට පත් වී තිබේ. 

ඇන්ටනි බ්ලින්කන් - ඇමෙරිකානු රාජ්‍ය ලේකම්

ඇලෙජැන්ඩ්‍රෝ මයෝකාස් - ස්වදේශ ආරක්ෂක ලේකම්

අව්රිල් හේන්ස් - ජාතික බුද්ධි අධ්‍යක්ෂ

ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් - එක්සත් ජාතින්ගේ තානාපති

ජේක් සුලිවන් - ජාතික ආරක්ෂ උපදේශක

ජෝන් කෙරී - දේශගුණික විපර්යාස පිළිබඳව උපදේශක

Rate this item
(0 votes)