April 20, 2024

වයස අවුරුදු 74ක පුද්ගලයෙකු කිඹුලෙකු සමඟ පොර බැද සුනඛයෙකු බේරා ගනී

November 23, 2020

ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පුද්ගලයෙකු විසින් තමන්ගේ සුරතල් සුනඛයාව කිඹුලෙකු විසින් ඇඳගෙන යාමට උත්සාහ කිරීමේදී බේරා ගැනීමට සමත් වී තිබේ. 

රිචඩ් විල්බෑන්ක්ස් නැමති වයස අවුරුදු 74ක් වූ පුද්ගලයෙකු විසින් මෙම වීර ක්‍රියාව සිදු කර තිබේ.

විල්බෑන්ක්ස් විසින් සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ඔහු සහ ඔහුගේ සුරතල් සුනඛයා උද්‍යානයේ පොකුණ ළඟින් ගමන් කරමින් සිටින අවස්ථාවක එක්වර දියෙන් මතු වූ කිඹුලෙකු තමන්ගේ සුරතලාව ඇඳගෙන වතුරට යෑමට උත්සාහ කළ බවයි.

එතරම් වේගයෙන් වතුරෙන් කිඹුලෙකුට මතු විය හැකිද යන්නවත් තමන්ට සිතාගත නොහැකි වූ බව මෙම පුද්ගලයා පවසා තිබේ.

තමන්ට කිඹුලාගේ කට ඇරීම සඳහා දැඩි ශක්තියක් අවශ්‍ය වූ බවද පැවසූ ඔහු කියා සිටියේ සුනඛයා බේරා ගැනීමට ගොස් තමන්ගේ දෑත් කිඹුලාගේ සපා කෑම නිසා තුවාල වූ බවයි.

ඔහුගේ මෙම වීර ක්‍රියාව උද්‍යානයේ සවිකර තිබූ කැමරාව පටිගත වී තිබුණු අතර එම විඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රතිචාරයකටද ලක් විය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)