April 19, 2024

ඇමෙරිකාව තවත් යුද පනතකින් ඉවත් වෙයි

November 23, 2020

ඇමෙරිකා එක්සත් ජනපදය තවත් යුද පනතකින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ඉවත් වී ඇත්තේ 2002 වසරේ දී ජනවාරි මාසයේ දී රටවල් 35ක් එක්ව ක්‍රියාත්මක කරන ලද ගුවන් කලාප තුළ සන්නද්ධ නොවන ගුවන් යානා සැරිසැරීම සඳහා අයිතිය ලබා දෙන පනතකිනි.

මෙසේ ඉවත් වීමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ එම ගිවිසුමේ සිටින තවත් රටක් වන රුසියාව විසින් එම පනත උල්ලංඝනය කිරීම බව ඇමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දෙයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ රුසියාව මෙම පනතේ එකඟතාවයන් පිළිගන්නා තෙක් ඇමෙරිකාව මෙම පනතෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. 

මෙම ඉවත් වීම තුළින් නව ක්‍රමවේදයක් ගැන හිතා බැලීමට අවස්ථාවක් උදාවනු ඇති බවට ප්‍රකාශ කළේය.

නමුත් රුසියාව විසින් කිසිදු උල්ලංඝනයක් සිදු නොකළ බවත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)