March 28, 2024

ඉන්දීයානු සිනමාවේ තවත් ප්‍රසිද්ධ චරිත 02කට කුඩු චෝදනා - වරද පිළිගනී

November 22, 2020

ඉන්දියානු සිනමාවේ විකට චරිත සඳහා රංගනයෙන් දායක වූ සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වූ භාරතී සිංග් නැමැත්තිය ඊයේ (21) දිනයේ දී ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (22) දිනයේ ඇයගේ සැමියා වන තිරපිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන හර්ෂ් ලිම්බාචියාවද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වාර්තා කර තිබුනේ ඔවුන්ගේ නිවසේ කළ මෙහෙයුමකදී ගංජා මිලිග්‍රෑම් 80ක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි. එමෙන්ම මෙම සැමියා සහ බිරිඳ විසින් ගංජා භාවිත කළ බවට පිළිගෙන ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

දෙදෙනාවම දෙසැම්බර් 04 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමටද කටයුතු කර ඇත.

Rate this item
(0 votes)