April 19, 2024

කොරෝනා පාලනයට රට වහනවා කියූ බයිඩන් දැන් රට වහන්න බැහැ කියයි

November 20, 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරීපත් වූ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් විසින් කොරෝනා හේතු කරගෙන රට වැසීම ප්‍රතික්ෂේප කොට තිබේ.

ඔහු කියා ඇත්තේ කොරෝනා හේතුවෙන් රටක් වැසීම උපකල්පිත ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ තමන් කිසිම විටකත් රට වැසීමට කටයුතු නොකර බවත් ඒ වෙනුවට කොරෝනා වසා දැමීමට කටයුතු කරන බවත්ය.

මීට පෙර ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ කොරෝනා මර්දනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකාවේ තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබෙන බවත්, ඉදිරියේ දී අඳුරු දිනයන් පැමිණීමට ඇති නිසා සෞඛ්‍ය අංශයන් සහ ජනතාව එයට සුදානම් විය යුතු බවත්, දැවැන්ත ලොක්ඩවුන් ක්‍රමවේදයකට සුදානම් වෙන ලෙසත්ය.

නමුත් දැන් ජනාධිපතිවරයා විසින් සම්පුර්ණයෙන්ම අදහස් වෙනස් කරගනිමින් සිටියි.

Rate this item
(0 votes)