April 18, 2024

ඇමෙරිකාව ඉරානයට එරෙහි සටන අරඹයි - පළමු ඉලක්කය එරට උත්තරීත නායකයා

November 19, 2020

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි සිය සටන ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරානය මත දැඩි පීඩනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකානු රජය නව සම්බාධකයන් පනවමින් සිටින බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මෙම නව සම්බාධක මේ වන විටත් පනවා ඇති අතර ඉරානයේ උත්තරීත නායකයා වන අයතුල්ලා අලි කමේනි විසින් පාලනය කරනු ලබන ඉස්ලාමීය විප්ලවය මොස්ටසාෆාන් පදනමට මේ වන විටත් සම්බාධක පනවා තිබේ.

මෙම පදනමට එරට බුද්ධි අංශ භාර අමාත්‍යවරයා සහ තවත් බොහෝ ඉහළ තනතුරු හොඹවන නිලධාරීන්ද ඇතුළත්ව සිටින බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)