March 29, 2024

ට්‍රම්ප් තමන්ගේ මිතුරන්වත් ද්‍රෝහියන් කියා තනතුරුවලින් පන්නා දමයි

November 18, 2020

වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම බවට පත්වෙමින් තිබේ.

මේ වන විට ඔහුගේ මිතුරන් ලෙස කටයුතු කළ පුද්ගලයින් පවා සිය ධූරයන්ගෙන් ඉවත් කිරීමට හෝ ඉවත්වීමට බල කරමින් සිටියි.

ජනාධිපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂණය පිළිබඳව ප්‍රධානීවරයා වන ක්‍රිස් ක්‍රෙබ්ස් වද සිය තනතුරෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස ඉවත් කිරීමට හේතුව වී ඇත්තේ එම ප්‍රධානීවරයා විසින් 46 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේ දී කිසිදු වංචාවක් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවී නොමැති බවට පැවසීම හේතුවෙනි.

ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවිඩයක් පවා නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ ඔහුගේ අන්තර්ජාල ආරක්ෂණය පිළිබඳව කටයුතු කළ ක්‍රිස් ක්‍රෙබ්ස් විසින් කළ ප්‍රකාශයන් සාවද්‍ය ඒවා බවයි.

Rate this item
(0 votes)