April 20, 2024

“ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම ලෝකයටම තර්ජනයක්” - නේටෝ අනතුරු අඟවයි

November 18, 2020

ඇමෙරිකාව සිය හමුදා කණ්ඩයන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගතහොත් එය ලෝකයටම තර්ජනයක් වනු ඇති බව නේටෝ සංවිධානයේ මහලේකම් වන ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානය නැවත වරක් ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් වේදිකාව බවට පත්වීමටත්, එතැන් පටන් ඔවුන් ලෝකයේ අනිකුත් රටවලට අවදානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

සිරියාව සහ ඉරාකය තුළින් දැවැන්ත පරාජයන්ට පත් වන අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ට ඇෆ්ගනිස්ථානය තමන්ගේ ඊළඟ සැලැසුම් ඇති කරගැනීම සඳහා සහ ඔවුන්ගේ ඊනියා රාජ්‍ය නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගනු ඇතිබවටද මහලේකම්වරයා අවධාරණය කළේය.

නේටෝ හමුදාවන් වසර 20ක පමණ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත කර තිබුණත් ඇමෙරිකානු හමුදා ඉවත්වීම තුළින් ලෝකය දැඩි අවදානමකට ලක්විය හැකි බව ඔහු පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයක් අනුව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටින ඇමෙරිකානු යුද සෙබළු 2,500ක් නැවත ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීමට පෙන්ටගනය තීරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2020 14:54