April 26, 2024

03 වෙනි ලෝක යුද්ධය ආරම්භ කර ගෙදර යන්න හදන ට්‍රම්ප් - ඉරානයට බෝම්බ දාන හැටි ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අසයි

November 17, 2020

ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලය අවසන් වීමට තවත් මාස 02ක් පමණ තිබියදී 03 වෙනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහු විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන් රැස් කොට සාකච්ඡාවක් පවත්වා ඇති බවද සඳහන් වෙයි.

නමුත් ආරක්ෂක ප්‍රධානීන් විසින් ඔහුගේ තීරණය නොගත යුතු දෙයක් බව පවසා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් මුල සිටම අනුගමනය කළ අතර ඉරාන යුද නායකයෙකු ද මෙම වසරේ මුලදී දියත් කළ හමුදා මෙහෙයුමකින් ඝාතනය කළේය.

ඉන් අනතුරුව ඉරානය විසින් ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරයන් එල්ල කරන ලදී.

මේ සිදුවීමත් සමඟ ලෝකයේ තුළ දැඩි ලෙස 03 වෙනි ලෝක යුද්ධයක ඉඟි පළ වූ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එය විසඳා ගැනීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් සිය ධූරයෙන් ඉවත් වීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා රංගනයක නිරත වීමට උත්සහා ගන්න බවට එරට මාධ්‍ය විසින් චෝදනා කර තිබුණි.

Rate this item
(1 Vote)