March 28, 2024

ආසියාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව පුරා විහිදුණු ළමා අපචාර රැල්ලක සුලමුල සොයා ගනී

November 11, 2020

ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැවැන්ත ළමා අපචාර රැල්ලක සුලමුල සොයා ගැනීමට සමත් වී තිබේ.

ආසියාව, යුරෝපය, ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව මෙම ළමා අපචාර රැල්ල ක්‍රියාත්මක වෙමින් තිබුණු බව ඔවුන් අනාවරණය කරගෙන තිබේ.

මෙම ළමා අපචාර ක්‍රියාදමය පිටුපස පුද්ගලයින් 17 දෙනෙකු සිටින බවත්, ඒ අතර ළමා පාපන්දු පුහුණුකරුවෙක් ළමුන් සම්බන්ධ සමාජ සේවකයෙක් ද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයින් සඳහා  චෝදනා 828ක් එල්ල වී ඇති අතර ළමා අපචාර චෝදනා, ළමා අපචාර සිදු කර ඒවායේ පටිගත කිරීම් බෙදා හැරීමේ චෝදනා ද ඒ අතර වෙයි.

අතුරුදහන් වූ සහ අපචාරයන්ට ලක්වූ දරුවන් සඳහා වූ එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් ඕස්ට්‍රේලියාවේ පොලීසිය වෙතට එවන ලද ඔත්තුවක් මත මෙම මෙහෙයුම ආරම්භ කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ දීය.

වයස මාස 16 සිට අවුරුදු 15 දක්වා ළමුන්ව මොවුන්ගේ ගොදුරු බවට පත් වී තිබේ.

Rate this item
(0 votes)