2016 වසරේ දී ප්‍රංශයේ නයිස් නගරයේ ලොරි රථයක් යොදාගනිමින් පුද්ගලයින් යට කර ඝාතනය කිරීමේ අඳුරු දිනයට පසුව යළිත් ඊයේ (29) දිනයේ එවන් අඳුරු දිනයක් උදා විය.
දේවස්ථානයක යාඥා කරමින් සිටින පුද්ගලයින් පිරිසකට පිහි ඇනුම් ප්‍රහාරයක් දියත් කර තිබු අතර එක් පුද්ගලයෙකුගේ ගෙල සිඳ දැමීමටට මෙම ත්‍රස්තවාදීන් විසින් කටයුතු කර තිබුණි.
මේ වන විට මෙම ප්‍රහාරය ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් සිදු කර ඇතැයි සොයා ගෙන තිබේ.
ප්‍රංශයේ බහු සංස්කෘතිකවාදය අත්හදා බැලීමේ අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේ සිදු වූ මෙම "පිහි ඇනුම් ප්‍රහාරය" හොඳම උදාහරණයක් බව එක්සත් රාජධානියේ හිටපු ත්‍රස්ත විරෝධී ප්‍රධානී ක්‍රිස් පිලිප්ස් විදෙස් මාධ්‍යයක් වෙත පවසා තිබේ.
ඔහු එහිදී කියා තිබුණේ ප්‍රංශය සහ බටහිර රටවල් බොහෝමයක් මෙය තමන් වෙත ළඟා කරගනිමින් සිටින බවයි.
ඔවුන් තම රටට පැමිණෙන ලෙස මිනිසුන්ට ආරාධනා කර ඇති අතර අවසානයේදී උපකල්පනය කිරීමේ කිසිදු ක්‍රියාවලියක් නොමැති මිනිසුන්ට තම රටට පැමිණීමට ඉඩ දීම නිසා මෙවන් විපාකයන් සිදුවන බවද ඔහු වැඩිදුරටත් කියා තිබුණි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මෙම නයිස් ප්‍රහාරකයා “ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු” ලෙස හැඳින්වූ අතර පල්ලි සහ පාසල් ආරක්ෂා කිරීම සඳහා එරට හමුදා බලය යෙදවීමටද ක්‍රියාකර ඇත.
නයිස් ප්‍රහාරකයා 21 හැවිරිදි ටියුනීසියානු සංක්‍රමණිකයෙකු බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට වසර හතරකට පෙර ප්‍රංශයේ නයිස් නගරය තුළදී ටොන් 19 ක ට්‍රක් රථයකින් පුද්ගලයින් 84 දෙනෙකු යට කර මරා දැමූ අතර 400 කට වැඩි පිරිසක් එයින් තුවාල ලැබූහ. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාද ටියුනීසියානු ජාතිකයෙකු වීමද විශේෂත්වයකි.