April 19, 2024

ප්‍රංශයේ යළිත් පිහි ඇනුම් - ඉහළම ආරක්ෂක අංශයන් කැඳවයි

ප්‍රංශයේ නයිස් නගරය තුළ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය යාමත් සමඟ ප්‍රංශය ඔවුන්ගේ ඉහළම ආරක්ෂ විධිවිධාන ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

ප්‍රංශයේ පල්ලියක් තුළ මෙම පිහි ඇනුම සිදුවී ඇති අතර එක් පුද්ගලයෙකුගේ හිස සිඳ දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම සිදුවීමට සම්බන්ධ වූ පුද්ගලයෙකු පොලිස් මෙහෙයුමකින් පසු වෙඩි තබා ඝාතනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂ ක්‍රමෝපායන්ගෙන් ඉහළම අවස්ථාව වන “ප්‍රහාරක හදිසි” තත්ත්වය මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රංශ අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 08:40