March 29, 2024

පෝලන්තයේ නව ගබ්සා නීතිවලට එරෙහිව දහස් ගණනක් මහ පාරට

ගබ්සා කිරීමේ අයිතිය සඳහා පෝලන්තය තුළ දැනට ක්‍රියාත්මක වන නීති තවත් සීමා කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් ඒක රාශී වෙමින් 07 වැනි දිනටත් පෝලන්තය තුළ මේ වන විට විරෝධතා ක්‍රියාත්මක වෙමින් තිබේ.

එරට පොලීසිය විසින් විරෝධතාකරුවන්ට විසිර යන ලෙසත් නැතිනම් දැඩිව ක්‍රියා කිරීමට සිදුවන බවත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කලලරූපී අසාමාන්‍යතාවයන් හේතුවෙන් ගබ්සා කිරීමට ඉඩ ලබා නොදෙන බවට පෝලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් ලබා දීමෙන් අනතුරුව එතෙක් සමාකාමීව තිබු පෝලන්තය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.

ඒ අනුව පෝලන්තය තුළ ක්‍රියාත්මක වන්නේ දුෂණය කිරීමකින් හෝ මවගේ ජීවිතයට හානියක් ඇති අවස්ථාවක ගබ්සා කිරීමට අවසර ලබා දෙන නිතිය පමණි.

යුරෝපා සංගමයේ අනිකුත් කිතුණු රටවලට වඩා පෝලන්තය තුළ ගබ්සා කිරීම සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැරූ නමුත් මෙම නව නීති හමුවේ එය වෙනස් වෙමින් පවතින බවට බොහෝ දෙනෙකු චෝදනා කරන බවද වාර්තා වෙයි.

සමහර විරෝධතාකරුවන් දේවස්ථානයන්ට පහර දීම් වැනි දේවල් සිදු කර ඇතැයිද වාර්තා වේ.

මෙම උද්ඝෝෂණ විරෝධතාවල මූලිකත්වය කාන්තාවන් ගෙන කටයුතු කිරීමද කැපී පෙනන දෙයක් බවට පත් වී තිබේ.

Rate this item
(0 votes)