April 25, 2024

ජමාල් කිෂෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමාරයට නඩු වැටෙයි

ලෝකයේ දැඩි අවධානයකට ලක් වූ මාධ්‍යවේදී ජමාල් කිෂෝගී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරුට එරෙහිව නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස නඩු ගොනු කිරීම සිදු කර ඇත්තේ ජමාල් කිෂෝගී විවාහ වීමට සිටි හැටික් සෙන්ගිස් විසිනි.

මෙලෙස නඩු පැවරීමට ප්‍රධාන චෝදනාව ලෙස සඳහන් කර ඇත්තේ සෞදි අරාබියානු ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව ජමාල් කිෂෝගීව ඝාතනය කිරීම සිදු කළ බවයි.

Rate this item
(0 votes)