April 20, 2024

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව හිටපු අගමැතිගේ දියණිය සටනට

පාකිස්ථානයේ දේශපාලනය තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ. මේ වන විටත් එරට රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් එරට ආරම්භ වෙමින් තිබේ.

මේ වන විටත් පාකිස්ථානයේ කරච්චි නුවර වර්තමාන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ.

මෙම දැවැන්ත මහජන විරෝධතාවයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ වර්තමානයේ සිරගතව සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ශරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ශරීෆ් ය.

ඇය මෙම විරෝධතාවයන්ට සහභාගී වෙමින් කියා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, එරට ආණ්ඩුවට සිය ධූර කාලය අවසන් වීමට පෙර ඉවත් වීමට සිදුවනු ඇති බවද ඇය කියා සිටියාය.

මෙම විරෝධතාවය සඳහා එරට විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් 11ක් සහභාගී වී ඇති බව සඳහන් වෙයි.

මර්යාම් නවාස්ගේ සැමියා වන දේශපාලන ක්‍රියාකාරීකයෙකු වූ සෆ්දාර් අවාන් ද මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ.

මර්යාම් නවාස් විසින් එරට ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)