April 19, 2024

ඉන්ස්ටග්‍රෑම් සමාජජාලය හරහා දරුවන්ගේ දත්ත සොරා ගැනීම පිළිබඳව පරික්ෂණයක්

ෆේස්බුක් ආයතනයට අයත් තවත් සමාජජාලයක් වන ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයට එරෙහිව පැමිණිල්ලක් ගොනු වී තිබේ. මෙම පැමිණිල්ල වන්නේ ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයේ සැරිසරන දරුවන්ගේ දත්තයන් අනවසරයෙන් ලබා ගැනීමයි.

මෙලෙස දත්ත සොර ගැනීම ගැන මේ වන විටත් අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම (ඩීපීසී) විසින් පරික්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙම පරික්ෂණයේ දී ෆේස්බුක් ආයතනය වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට දැවැන්ත දඩයක් ගෙවීමටද සිදු වනු ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයේ පවතින ව්‍යාපාරික ගිණුම් පිළිබඳ සම්බන්ධතා තොරතුරු යෙදුමට ප්‍රවේශ වන ඕනෑම කෙනෙකුට එම ගිනුමේ අයිතිකරුගේ පෞද්ගලික දත්තයන් පෙනෙන ලෙස සකසා ඇති බවද චෝදනා එල්ල වී තිබේ.

ළමයින්ගේ පුද්ගලික දත්ත සැකසීම සහ ඒවා ලබා ගැනීම සඳහා ෆේස්බුක් හට නෛතික පදනමක් තිබේද යන්නත්, ළමුන් සඳහා ඉන්ස්ටග්‍රෑම් සමාජජාලය තුළ ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳවද මෙම පරික්ෂණයේ දී අවධානයට යොමු වනු ඇත.

2018 වසරේ දී  බලාත්මක වූ යුරෝපා සංගම් සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (ජීඩීපීආර්) ක්‍රියාත්මක කිරීමේ බලය හිමිව ඇත්තේ අයර්ලන්තයේ පිහිටි දත්ත ආරක්ෂණ කොමිසම (ඩීපීසී) හටය.

එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයින් ගණනාවක් ඔවුන්ගේ යුරෝපීය මූලස්ථානයන් පවත්වාගෙන යන්නේ ද අයර්ලන්තයේය.

Rate this item
(0 votes)