April 25, 2024

කොරෝනා වෛරසය සිය කැමැත්තෙන්ම බෝ කරගන්නා පිරිසක් බිහිවෙයි

2019 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන් හිදී ආරම්භ වූවායැයි සැලෙකන කොරෝනා වෛරසය මුළු ලෝකයාම බියෙන් ත්‍රස්ත කිරීමට සමත්ව තිබේ. 

වෛරසය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට යුද බලයත් යොදා ගත් අවස්ථාවන් ද ඇත.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළෙඳන මෙම රෝගයේ ඇති භයානක බව කිසිවෙකුටත් අමුතුවෙන් තේරුම් කිරීමටද අවශ්‍යය නොවේ.

මෙවන් රෝගයක් සිය කැමැත්තෙන්ම බෝ කරගන්නා පිරිසක් මේ වන විට ලෝකයේ බිහි වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත. ඒ කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලබන ප්‍රතිශක්තිකරණ එන්නත පරික්ෂා කිරීම සඳහා ස්වේඡාවෙන්ම ඉදිරිපත් වන පිරිසයි.

කොරෝනා වෛරස සඳහා ප්‍රතිශක්ති කරණ එන්නත් මිනිසාට අත්හදා බැලීමට අවශ්‍යය වීම හේතුවෙන් 1Day Sooner නම් සංවිධානයක් මඟින් ස්වේඡාවෙන්ම වෛරසය සඳහා නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සඳහා ආරාධනා කර තිබේ.

මේ වන විට ලෝකයේ රටවල් 166කින් පුද්ගලයින් 38,659 දෙනෙකු සිය කැමැත්තෙන්ම වෛරසය නිරාවරණය වී ප්‍රතිශක්තිකරණ එන්නත අත්හදා බැලීම් සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

COVID-19 සඳහා එන්නත් සහ ප්‍රතිකාර සංවර්ධනය කිරීම සඳහා මානව අභියෝග පරීක්ෂණ මගින් සහාය විය හැකිද යන්න පර්යේෂකයන් විසින් මෙම පිරිස් යොදාගෙන අත්හදා බැලීමට තීරණය කර තිබේ.

මෙම වැඩසටහන සඳහා සහභාගී වන්නන් අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කර තිබුණේ ලෝකයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමත්, කෙමෙන් කෙමෙන් ආගාධයට යන ලෝක ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට ගැනීමටත් තමන් ඕනෑම ආකාරයේ කැප කිරීමටකට සුදානම් බවයි.

එළැඹෙන වසරේ සිට මෙම නවතම එන්නත් මෙම පුද්ගලයන් සඳහා පරික්ෂාවට ලක් කිරීමට නියමිතය. 

Rate this item
(2 votes)